දේශීය පුවත්

විදුලිබල මණ්ඩලය දිගුකාලීන සැලසුම් ක‍්‍රියාත්මක නොකිරීම නිසා ජනවාරී මැද පමණ වනවිට රටේ විදුලි අර්බුදයක් ඇතිවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ ලේකම් ධම්මික විමලරත්න මහතා පැවසීය.

විදුලි ඉංජිනේරුවන් විසින් රටේ විදුලි අර්බුදයක් ඇති නොවීම සඳහා කෙටිකාලීන මධ්‍ය කාලීන සහ දිගු කාලීන සැලසුම් ඉදිරිපත් කළත් එය කනකට නොගෙන කටයුතු කළ නිසා ජනවාරියේ මෙම විදුලි අර්බුදයට මුහුණ දීමට සිදුවන බව ද ඔහු කීය.

මේ වනවිට ආරම්භ කළයුතු මෙගා වොට් 100ක සුළං බලාගාරයක් සියඹලාණ්ඩුව ප‍්‍රදේශයේ ඉදිකිරීමට සැලසුම් කර 2017 සිට ඉඩම් අත්පත් කරගනිමින් සිටින බවත් ඒ ආකාරයෙන්ම කෙරවලපිටියේ මෙගා වොට් 350ක සුළං බලාගාරය ඉදිකිරීම් ආරම්භ කළත් එය ද අවසන්ව නැතැයිද ඔහු කීය.

එමෙන්ම සූර්ය බලශක්තියෙන් මෙගා වොට් 150ක බලාගාරයක් ඉදිකිරීම සඳහා ඉඩම් ලබාගැනීමට අනුමැතිය ලබාගැනීම සඳහා විදුලිබල මණ්ඩලයේ සියලූ කටයුතු අවසන් කර ඉඩම් ලබාගැනීමට ඉඩම් ඇමැතිවරයාට ලබාදී වසර එකහමාරක් ගතවී ඇතැත් එය තවමත් ඇමැතිවරයාගේ භාරයේ තිබෙන බව ද විමලරත්න මහතා කීය.

මෙම ගැටලූ සමග රටේ බොරතෙල් නැතිවීම නිසා ඉදිරියේදී ඉන්ධනවලින් ක‍්‍රියාත්මක බලාගාරද නතර වීම මත මෙම විදුලි අර්බුදයක් ඇතිවන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More