අන්තර්ජාලය සමඟ පැවැති සාකච්ඡාවකට සහභාගි වෙමින් ගිනි ආරක්ෂණය සම්බන්ධ ඉන්ජිනේරුවකු වන නිමල් තිස්ස විජේතුංග මහතා පවසා සිටියේ ශ්‍රී ලංකාව ගින්නෙන් ආරක්ෂාවීම සම්බන්ධව ප්‍රමාණවත් තාක්ෂණික නෛතික සහ ප්‍රායෝගික අවධානයක් ශ්‍රී ලංකාව ජාතියක් ලෙස යොමු කර නැති බවයි.
එලෙසම ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියේ තමා රටේ පිලිගත් විද්වතුන් කණ්ඩායමකට රට තුළ ගින්නෙන් ආරක්ෂාවීම සම්බන්ධව ජාතික ප්‍රතිපත්තියක් සකස් කරදුන්නද ඒවා හමස් පෙට්ටියට ගොස් ඇති බවයි. ගින්නෙන් ආරක්ෂාවීම සම්බන්ධ ජාතික නියාමන ආයාතනයක් බිහි කිරීමෙන් ගින්නෙන් සිදුවන හානිය අවම කර ගත හැකි බව පවසන විජේතුංග මහතා තමා ඒ වෙනුවෙන් ගත හැකි සියළුම උත්සාහයන් ගන්නා බව අවධාරණය කළේය. දැනට අපේ රටේ ගිනි නිවීම් ඒකක නගර සභා ආශ්‍රිතව පිහිටා තිබුනද එම ගිනි නිවීම් ඒකක වලින් කරන්නේ “යන එන මං නැති වූ විට” ගන්නා උත්සාහයක් පමණක් බව පවසන ඒ මහතා එම ඒකක වලින් ගින්න හට ගන්නා අවස්ථාවේදීම ගින්න පාලනය කිරීමට කිසිදු උත්සාහයක් ගැනීමට අවකාශයක් නැති බව අවධාරණය කර සිටියේය .
ලෝක ඉතිහාසයේ සිදුවූ ගිනි හානි පිළිබඳව හැදෑරීමේදී අමෙරිකාව, මහා බ්‍රිතාන්‍යය ආදී දියුණු රටවල් බරපතල වන්දි ගෙවා ඇති බව පෙන්වා දෙන ඒ මහතා එම ජාත්‍යන්තර අත්දැකීම් වලින් පාඩම් ඉගෙන ගෙන ගිනි ආරක්ෂණයේදී කළ යුතු ගින්න හටගනා අවස්ථාවේදීම වැලක්වීම සම්බන්ධව දැඩි අවධානයක් යොමු කිරීමට ජාටික ප්‍රතිපත්ටියක් සෑදීමට අපි ජාතියක් ලෙස අවධානය කළ යුතු බවද පවසයි. අපි දැනට ගිනි සම්බන්ධයෙන් කරණු ලබන්නේ ගිනි ආරක්ෂණය සම්බන්ධයෙන් වන පද්ධතිය රැවටීමට ලක්කරමින් සිටින බවත් අපට පද්ධතිය රැවටිය නොහැකි බව පවසන නිමල් මහතා අප රැවටූ පද්ධතිය විසින් අපව විනාශ කර දමන බවයි. ඒ මහතා සමඟ කළ සම්මුඛ සාකච්ඡාව පහතින්…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...