දේශීය පුවත්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා මාධ්‍යය සාකච්ඡාවක් පවත්වමින් පවසා සිටියේ ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සම්බන්ධයෙන් උදය ගම්මන්පිල මහතා පසුගිය 31 වන දින පැවැත්වූ මාධ්‍ය හමුවේදි අසත්‍ය තොරතුරු ඉදිරිපත් කළ බවයි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ පුබුදු ජයගොඩ මහතා,

“ත්‍රිකුණාමලේ වරාය ආසන්නයේ පිහිටි ඉඩමක තියෙන තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට ලබා දීම සම්බන්ධයෙන් අද බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කළා. එහිදී ඔහු ඉතාමත් වැරදි තොරතුරු ගණනාවක් ඉදිරිපත් කරනවා. ඉන් එකක්ක් තමයි 2003 වසරේ දී ගිවිසුමක් අස්සන් කරලා තියෙනවා කියනවා තෙල් ටැංකි අනු නමයම ඉන්දියාවට දෙන්න. මේ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම වැරදියි.
එවැනි ගිවිසුමක් අත්සන් කරලා නෑ.ඒ විතරක් නෙවෙයි දැනට දීලා තියෙන තෙල් ටැංකි 14 ඉන්දියාවට දෙන්නත් විධිමත් ගිවිසුමක් අත්සන් කරලා නෑ. අවබෝධතා ගිවිසුමක් විතරයි අත්සන් කරලා තියෙන්නේ . අවබෝධතා ගිවිසුමෙන් පස්සේ විධිමත් ගිවිසුමක් මාස කීපයකට පසුව අත්සන් කරනව කියල කිව්වට ඒක 2003 සිට මේ දක්වා අත්සන් කරලා නෑ. විධිමත් ගිවිසුමකින් තොරව නීති විරෝධී ආකාරයට තමයි මේ තෙල් ටැංකි දාහතරක් දැනට දීලා තියෙන්නේ. අවබෝධතා ගිවිසුමේ තිබුණු කුලිය තමයි දැනටමත් ගෙවමින් තියෙන්නෙ. තෙල් ටැංකි අනු නමයම ඉන්දියාවට තියෙනවා කියන එක සම්පූර්ණයෙන්ම වැරදියි. 87 ඉන්දු ලංකා ගිවිසුමේ මේ කරුණ අඩංගු වෙලා තියෙන විදිහ අමාත්‍යවරයා කියන විදිහ නෙමෙයි.
ඒකෙ තියෙන්නෙ ඉන්දියාවට හැර වෙන කෙනෙකුට ත්‍රිකුණාමලය තෙල් ටැංකි වලට මැදිහත් වෙන්න දෙන්න එපා කියලා තියෙන්නේ. තෙල් ටැංකි ඉන්දියාවට ලබා දීමක් ඒකෙන් සිද්ධ වෙලා නෑ. ඊ ළඟට ගිවිසුම් සම්බන්ධයෙන් අමාත්‍යවරයා කියන තොරතුරු සම්පූර්ණයෙන් වැරදියි. දැනට අපි දන්නා තොරතුරු වලට අනුව අමාත්‍යවරයා ගිවිසුම් දෙකක් අත්සන් කරන්න යනවා. පළවෙනි ගිවිසුමේ පර්යන්තයේ පහල කොටසේ පිහිටලා තියෙන තෙල් ටැංකි දාහතරයි නල පද්ධතියයි නැව් තෙල් අංශයයි සියල්ල ඉන්දියාවට තව අවුරුදු 50කට බද්දට දෙන්න තමයි සැලසුම් කරලා තියෙන්නේ. මේක හරහා නැව් තෙල් අංශය මුළුමනින්ම ඉන්දියාව සතු වෙනවා. බංකරින් හරහා රටට ලැබෙන්න තියෙන විශාල විදේශ විනිමය මුදලක් අහිමි වෙනවා. මේ තෙල් ටැංකි 14 හරහා අපට තෙල් ගන්න වෙන්නේ අයිඕසී එක හරහා. මේ ගිවිසුමේ තෙල් ගැනීම සම්බන්ධයෙන් තියෙන වගන්තිය ගැන පරික්ෂා කරල බලන්න වෙනවා. දෙවෙනි ගිවිසුම තමයි තෙල් ටැංකි හැට එකක් ඒකාබද්ධ සමාගමකට පවරන ගිවිසුම. දැනට ඒ තෙල් ටැංකි 61 සම්බන්ධ කියමින් ඉන්නේ අමාත්‍යවරයා ඒ තෙල් ටැංකිය 61 පවරන සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයේ බහුතරය ලංකාවට තියෙනවා ඒ නිසා ප්‍රශ්නයක් වෙන්නේ නෑ කියලා ඒ වගේම කොටස් වලින් සියයට පනස් එකක් තියෙනවා කියලා. මේකට හොඳම උදාහරණය තමයි නිවු ෆොර්ට්රස් එනර්ජි ඒ සමාගම සමඟ කෙරවලපිටිය බලාගාරය ට අදාළව අත්සන් කරපු ගිවිසුම. ගිවිසුමට අනුව සමාගමට තියෙන්නෙ කොටස් වලින් සියයට හතළිහයි. නමුත් සම්පූර්ණ මෙහෙයුම් වගකීම සම්පූර්ණයෙන්ම තියෙන්නේ නිවු ෆොර්ට්රස් එනර්ජි සමාගමට.මෙතන කොටස් වලින් සියයට පනස් එකක් ලංකාවට තියෙනවා කියන එක නෙමෙයි ප්‍රශ්නය. කොටස් වලින් සියයට 51 ක් කියන්නේ මේකේ ලාභයෙන් සියයට පනස් එකක්. එහෙම නැතුව මේකෙ මෙහෙයුම් කටයුතු වලට අදාල බලය නෙමෙයි. ලාභයෙන් සියයට 51 කියලා කියන්නේ මේ තෙල් ටැංකි වලට අදාල කුලිය.
අපි දන්නා තොරතුරු වලට අනුව මෙහෙයුම් වගකීම සඳහා ලංකාවට බලයක් තියෙනවා කියන එක ගිවිසුමේ සඳහන් වෙලා නෑ . ඒ තෙල් ටැංකි 61 සඳහා තෙල් ගේද්දි ඉන්දියාවෙන්ම ගේන්න අපි බැඳිලා ඉන්නවා. දැනට තියෙන අධිකාරිය අහිමි වීමත් එක්ක ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු ඛනිජ තෙල් වලට තිබෙන  ඒකාධිකාරය අයිඕසී සමාගමට හිමිවෙනවා. අමාත්‍යවරයා බොහොම තලු මර මර කියන්නේ ඛනිජ තෙල් සංස්ථාවට තෙල් ටැංකි විසිහතරක් හිමි වෙනවා කියලා. ඒ තෙල් ටැංකි 24 මොනවද නිශ්චිතව අංක වශයෙන් කියන්න.අපි දන්න තොරතුරු වලට අනුව මේ දෙන්න යන තෙල් ටැංකි 24 කියන්නේ කිසිසේත්ම භාවිතා කළ නොහැකි අබලන් වෙලා තියෙන තෙල් ටැංකි. අමාත්‍යවරයා කියන්නේ මෙතෙක් අහිමි වෙලා තිබුණු සම්පතක් ලංකා රජයට දිනාගන්න හදපු ජයග්‍රාහි ගිවිසුමක් කියලා. නමුත් මේ ගිවිසුම මෙතෙක් රජයට අයිති වෙලා තිබුණු දේපලක් රටේ ජනතාව සතු සම්පතක්‌ ඉන්දියාවට ලබා දෙන පාවාදෙන ගිවිසුමක්. අමාත්‍යවරයා කියනවා තෙල් ටැංකි උඩ සිංහ කොඩිය ගහන්න පුළුවන් කියලා. මේක හරියට ගෙදර වික්කට පස්සේ අලුත් ගැනුම්කරුවෝ පොරොන්දු වෙනවා සාලෙ තියෙන සීයගෙ පින්තූරේ අයින් කරන්නැතුව තියා ගන්නම් කියලා. එතකොට අපි ඇවිල්ල කියනවද අපි ගේ වික්කා තමයි ඒ උනාට සීයගෙ පින්තූරේ ගහලා තියෙනවා සාලෙ ඒ නිසා අපිට සතුටුයි කියලා. ඊළඟට තියෙනවා සපුගස්කන්ද තෙල් පිරිපහදුව විනාශ කිරීමේ කුමන්ත්‍රණය, සපුගස්කන්ද තෙල් පිරිපහදුව වෙනුවට චීන සහ ඇමරිකානු සමාගම් දෙකට තෙල් පිරිපහදු ආරම්භ කරන්න අවසර දෙන ප්‍රශ්නය, අයිඕසී එකට ලබාදීලා තියෙන තෙල් පිරවුම් හල් වල ගිවිසුම දීර්ඝ කිරීමේ උත්සාහය, ඊට පස්සේ ඛනිජ තෙල් පනත 1961 අංක 24 දරන පනත සංශෝධනය කරලා මේ මුළු ක්ෂේත්‍රයම පෞද්ගලීකරණය කරන්න දරන උත්සාහය. මේ සියල්ලම එක්ක එකට සම්බන්ධ වෙනවා ත්‍රිකුණාමල වරායේ නැව් තෙල් අංශයත් වරාය අසල තියෙන වටිනා තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට පැවරීම පිළිබඳ ප්‍රශ්නය.මේක ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක්, මේක ආර්ථිකය පිළිබඳ ප්‍රශ්නයක්, මේක ලංකාවේ බලශක්ති ස්වෛරීත්වය පිළිබඳ ප්‍රශ්නයක්, ඒ නිසා අපි ඇමතිවරයාට කියනවා නිකං විහිළු කතා කියන්න එපා. මේ වෙලා තියෙන හානිය සම්බන්ධ වගකීම බාරගන්න කියලා.”

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More