පී බී ජයසුන්දර මහතා ජනාධිපති ලේකම් තනතුරින් ඉවත්වන බව පැවසුවද මෙතෙක් ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය මාධ්‍යයට නිකුත් කිරීමට කටයුතු කර නැති බව වාර්තාවේ. මේ අතර සමහර මාධ්‍යය වාර්තා පවසා සිටියේ පී බී ජයසුන්දර මහතා ජනවාරි තුන්වෙනිදාට ප්‍රථම සිය ධූරයෙන් සමුගන්නා බව කියවුනත් මේ වන විට නිවාඩු දමා ඔහුගේ කුරුණෑගල පිහිටි නිවසට වී සිටින බවයි.
කෙසේ වුවද ජනාධිපතිවරයා විසින් සංවිධානය කර තිබූ අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සුහද හමුවේදී ඔවුන් සමඟ ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් පවසා සිටියේ ‘‘අලුත් ලේකම් එනවානේ. එයත් එක්ක කතා කරන්න.’’ යනුවෙන් බව මාධ්‍යය වාර්තා කර තිබුණි.
කෙසේ වුඅවද මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇමෙරිකා සංචාරය නිමවා දිවයිනට පැමිණ පී බී ජයසුන්දර සමඟ සාකච්ඡා කරණ තෙක් ඔහු නිල වශයෙන් ඉල්ලා අස්නොවන බව සමහර සමාජ මාධ්‍යය ක්‍රියාකරුවන් පවසා සිටිති. මේ අතර පී. බී. ජයසුන්දර මහතා මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස පත්කර ගැනීම මුදල් අමාත්‍යවරයාගේ අපේක්ෂාව වී ඇති බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
පී බී ජයසුන්දර මහතා ඉල්ලා අස්වීමට ඉදිරිපත් කළ ලිපිය මගින් අමාත්‍ය විමල් වීරවංශ දැඩි ලෙස විවේචනයට ලක් කර ඇති බවද වාර්තාවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...