දේශීය පුවත්

ඩොලර් හිගතාවය නිසා අත්‍යවශ්‍ය ඖෂධ රැසක් ආනයනය කිරීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබේ.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව අනතුරු අඟවා ඇත්තේ ඉදිරි මාස තුන හතර ඇතුළත රජයේ රෝහල්වල ඖෂධ සහ ශල්‍යාගාරවල භාවිතා කරන ද්‍රව්‍ය හිගයක් ඇති වීමේ අවදානමක් ඇති වී තිබෙන බවයි.

මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇත්තේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂවරයා විසින් ඖෂධ නිශ්පාදන සැපයුම් සහ නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යවමිනි.

දැනටමත් ණය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ණයවර ලිපි 72කට ගෙවීම් කළ නොහැකි වී ඇතැයි ද සමහර ණයවර ලිපි කාලය ඉක්ම වා ඇති බවත් එම ලිපිය මගින් දැනුම් දී ඇත.

දැනටමත් තම ගබඩා වල ඖෂධ පවතින්නේ එදා ඉතා අඩු මට්ටමක බව ද නීතිගත සංස්ථාව පෙන්වාදී තිබේ.

ඉදිරි මාස කිහිපය තුළ එම තොග අවසන් වීමේ අවදානම මග හැරීමට හැකියාවක් නොමැති බව ද එම ලිපියේ සඳහන්ව ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More