දේශීය පුවත්

වෛද්‍ය ක්‍ෂේත‍්‍රයේ මේ වනවිට පවතින ගැටලූ පිළිබඳව සාකච්ඡා කර විසඳුම් ලබාගැනීම සඳහා සියලූ වෛද්‍ය වෘත්තීය සමිති සහ සංගම් එක මේසයකට කැඳවන ලෙස ඉල්ලමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය විසින් සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ලිපියක් යොමු කර ඇත. ඉකුත් දිනවල ක‍්‍රියාත්මක වූ වැඩවර්ජන හා එයට මුල් වූ ඉල්ලීම් පිළිබඳව සියලූ වෘත්තීය සමිති සම`ග පුළුල් ලෙස සාකච්ඡා කිරීම වැදගත් කරුණක් වනු ඇතැයි ද එම ලිපිය මගින් සෞඛ්‍ය ඇමැතිවරයාට දන්වා ඇත. වෛද්‍ය ක්‍ෂේත‍්‍රයේ සැබෑ ගැටලූ පිළිබඳව තොරතුරු මේ මොහොතේ අවහිර වී ඇති බවත් මේ වනවිට ලැබෙන තොරතුරු මත පැනනැ`ගී ඇති චිත‍්‍රය වෛද්‍ය ක්‍ෂේත‍්‍රයේ පවතින ගැටලූවලින් අංශු මාත‍්‍රයක් (Tip of lce Burge) පමණක් වන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ ලේකම් වෛද්‍ය කමල් ඒ. පෙරේරා මහතාගේ අත්සනින් යුත් ඇමැතිවරයාට යොමු කළ අදාළ ලිපියෙහි සඳහන් වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More