දේශීය පුවත්

නව අවුරුදු උදාව වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසන්නේ දැඩි උද්යෝගයකින් සහ අපේක්ෂා සහගතව ලැබුවා වූ 2022 නව වසර පිළිගනු ලබන බවයි.

ජනාධිපතිවරයා එම නිවේදනය මගින් වැඩිදුරටත් පවසන්නේ, උදාවූ නව වසර අලුත් හැඟීම් සමග සුබවාදීව සහ අධිෂ්ඨානශිලීව අනාගතය දෙස බැලීමට අපව නිතැතින්ම පොළඹවනු ලබන බවයි.

එම පණිවිඩය මගින්, “අනාගත සමෘද්ධිය උදෙසා වන අධිෂ්ඨානයෙන් යුතුව ගෙවී ගිය වසර රටටත් ජන සමාජයටත් එල්ල කළ බලපෑම දෙස අප ආපසු හැරීබැලිය යුතුයි.අභියෝග හඹාගොස් ඒවා ජයග්‍රහණය කරමින් ජනතා කේන්ද්‍රීය ආර්ථිකය ශක්තිමත් කිරීමට රජය තැබූ පියවර තවදුරටත් ඉදිරියට ගැනීමේ අවස්ථාව නව වසරේ උදාවෙන බව තමාගේ දැඩි විශ්වාසයයි.සමෘද්ධිය කරා අපි පියවර තැබිය යුත්තේ ආත්ම විශ්වාසය, කැපවීම සහ එකමුතුකම තුළිනුයි.” යනුවෙන් එතුමා පවසයි.

“එළඹුණු නව වසර ජනතාවට ‘සෞභාග්‍යයේ දැක්ම’ සාක්ෂාත් කරගැනීම සඳහා කැපවන පරිවර්තනීය වසරක් බවට පත්කරන ලෙස මම ඔබ සැමට ආරාධනා කරමි.” යනුවෙන් ද ජනාධිපතිවරයා සිය සුබ පැතුම් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් කරයි.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More