දේශීය පුවත්

අලදෙනිය නව පොලිස් ස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (30) සහභගි වූ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මාධ්‍යය අමතාතමින් කවුරු හරස් වුවත් තිබෙන බාධක ඉවත් කර 2022 වසරේ සිට ජනතාව බලාපොරොත්තු වූ වෙනස සිදුකිරීමට ජනාධිපතිවරයා තීන්දුවක් ගෙන ඇති බවයි.
එහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ පෙරේදා රාත්‍රියේ ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාවේදී ඒ බව තීන්දු කරගත් බවයි.

“කොවිඩ් නිසා අපි බලාපොරොත්තු වුණු සමහර දේවල් කරන්න බැරි වුණා. මේ අවුරුදු දෙකේ රජය බලාපොරොත්තු වූ ඉලක්කවලට යන්න බැරි වුණා. ජනාධිපතිතුමා ලේකම්වරුන්ව කැඳෙව්වා වසර අවසානයේ සුහද හමුවකට. ඒකෙදිත් ජනාධිපතිතුමා කිව්වේ වෙනස ගැන. ඊයේ රෑත් ජනාධිපතිතුමා සමග අපි සාකච්ඡාවක් තිබුණා. කඩිනමින් ජනතාව බලාපොරොත්තු වෙච්ච ඒ වෙනස්කම් සියල්ල ක්‍රියාත්මක කරන්න අපි තදබල ලෙස තීන්දුවක් අරන් තියෙනවා. 2022 සිට ඉතිරි කාලය තුළ කවුරු හරස් වුණත් ඒ බාධක ඉවත් කරලා ඒ දේවල් කරන්න අපි තීන්දුවක් ගත්තා.”

අගමැති මහින්ද රාජපක්ෂ මහතා දේශපාලනයෙන් සමුගන්නේද යනුවෙන් මාධ්‍යයවේදියෙකු නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින්, රාජ්‍ය අමාත්‍යවරයා,

“මහින්ද රාජපක්ෂ අගමැතිතුමා එක වතාවකුත් දේශපාලනයෙන් සමුගන්න උත්සාහ කළා. ජනතාව ඒකට අවසර දුන්නේ නෑ. නැවතත් එතුමා කැමති වුණත් අකමැති වුණත් ජනතාව ඒකට අවසර දෙන්නේ නෑ. ඒක තමයි ඇත්ත කතාව. අපි අවසර දෙන්නෙත් නෑ.” යනුවෙන් පැවසුවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More