අපවත් වී වදාළ බුද්ධංගල ආනන්ද හිමියන්ගේ දේහය අම්පාර බුද්ධංගල ආරණ්‍ය සේනාසනය වෙත වැඩම කරවා තිබේ.
උන්වහන්සේගේ දේහය පිළිබඳව අවසන් කටයුතු හෙට පස්වරුවේ අම්පාර බුද්ධංගල ආරණ්‍ය සේනාසනයේදී සිදුකිරීමට නියමිතය.
දේහය කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ බෞද්ධ මහා සම්මේලන ශාලාවේ තැන්පත් කර තිබූ අවස්ථාවේ අවසන් ගෞරව දැක්වීම සඳහා විශාල පිරිසක් එක්ව සිටියහ.
අද උදෑසන දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අග්‍රාමාත්‍යවරයා, කතානායකවරයා ඇතුළු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු රැසක් පැමිණියේය.
ඒ අතර සිදුවූ සුවිශේෂී හමුවක් දැක්වෙන ඡායාරූප පෙළක් කැමරාවේ සටහන්ව තිබුණි.
එහි දැක්වෙන්නේ පාර්ලිමේන්තුවේ උණුසුම් වාග් සංග්‍රාමවල නියැලෙන පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා සහ අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ හමුවකි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...