දේශීය පුවත්

මෙරට වාණිජ බැංකු සිදු කරනු ලබන සියලුම විදේශ ගනුදෙනුවලින් 25%ක් අනිවාර්යයෙන්ම සතිපතා ශ්‍රී ලංකා මහ බැංකුවට ගෙවිය යුතු බවට වන නියෝගයක් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් නිකුත් කර ඇත.

2021 දෙසැම්බර් 27 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි නිකුත් කර ඇති මෙම නියෝගයට අනුව සියලුම වාණිජ බැංකු තමන් සතුව ඇති ඩොලර් වලින් 75%ක් රඳවා ගනිමින් ඉතිරි 25% සතිපතා ශ්‍රී ලංකා මහ බැංකුව වෙත විකිණිය යුතුය.

මේ පිළිබඳ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අදහස් පළකරන ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පෙන්වා දෙන්නේ බැංකු සතුව ඇති ශුද්ධ විදේශ වත්කම් මේ වන විටත් ඍණ අගයක් ගෙන තිබෙන පසුබිමක මහ බැංකුවේ මේ නියෝගය හේතුවෙන් බැංකු පද්ධතිය විශාල අර්බුදයකට ගමන් කරනු ඇති බවයි.

මේ පිළිබඳ කරන ලද විමසීමකදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ මහාචාර්ය ජනක් කුමාරසිංහ පෙන්වා දුන්නේ දැනට රටේ සිදුකෙරෙන අත්‍යවශ්‍ය සහ අන්තර් භාණ්ඩ සීමා සහිත ආනයනයට මෙම නියෝගයෙන් තවදුරටත් බලපෑම් එල්ලවනු ඇති බවයි. විශේෂයෙන් ආනයනකරුවන්ට බැංකු හරහා ණයවර ලිපි විවෘත කිරීමේදී බරපතළ ගැටලුවලට මුහුණදීමට සිදුවනු ඇති බව මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More