දේශීය පුවත්

රට දැවැන්ත විනිමය අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවක මහ බැංකු අධිපතිවරයා විසින් නිල විදේශ සංචිතය ඇමෙරිකානු ඩොලර් බිලියන 3.1 ක් දක්වා වැඩි වී ඇතැයි සිදුකරමින් තිබෙන මාධ්‍ය සංදර්ශනය තවදුරටත් ජනතාව රැුවටීමක් පමණක් බව සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

ශ‍්‍රී ලංකා මහ බැංකුව වැනි ආයතනයක් මේ සංචිත වැඩි වූ ආකාරය පිළිබඳව මූලාශ‍්‍ර හෙළි කිරීමෙන් හිතාමතාම වැළකී ඇති බව ද ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

වර්තමාන ආණ්ඩුව පිළිබඳව ජනතාව තුළ තිබෙන ප‍්‍රතිරූපය දිනෙන් දිනම බිඳ වැටෙමින් තිබෙන අවස්ථාවක ශ‍්‍රී ලංකා මහ බැංකුව සහ එහි අධිපතිවරයා විසින් ජනතාවට සත්‍ය වසන් කරමින් ව්‍යාජ චිත‍්‍රයක් මතුකරමින් සිටින බව ද හර්ෂ ද සිල්වා මහතා පවසයි.

‘‘අපි උග‍්‍ර විදේශ විනිමය අර්බුදයකට මුහුණ දී සිටිනවා. ගෑස්, කිරිපිටි, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගේන්නවත් ඩොලර් නෑ. මෙම විදේශ විනිමය අර්බුදය විසඳීමට කෙටිකාලීන ප‍්‍රවේශයක් ලෙස මූල්‍ය අරමුදලට යන්නැයි විද්වතුන් උපදෙස් දුන්නත් මේ ආණ්ඩුව ඒක ගණන් ගත්තේ නෑ. දැන් මහ බැංකු අධිපතිවරයා සුපර් මෑන් කෙනෙක් විදිහටයි කතා කරන්නේ. කිව්ව විදිහට විදේශ සංචිතය වැඩි කළාලූ. එහෙනම් හෙට ඉඳලා සියලූ ප‍්‍රශ්න විසඳෙන්න ඕනෑ. කාවද මේ රවටන්නේ. මේ සංචිත වැඩිවීමත් අර කැලණියේ නයා වගේ කතාවක්. අපිට ආරංචි වෙන විදිහට මේ සංචිත වැඩි කරගෙන තියෙන්නේ චීනයෙන් ලැබුණු යුවාන් බිලියන 10 කින්. ඒවා වියදම් කරන්න පුළුවන් යම් යම් සීමාවන්ට යටත් වී පමණයි.’’

දේශපාලකයන් විසින් දිගුකාලීනව රටට සත්‍ය වසන් කිරීමත් දේශපාලන වුවමනාවන් වෙනුවෙන් ජනතාව පිනවීමත් නිසා රට මේ ආකාරයෙන් අගාධයට ගිය බව පෙන්වා දුන් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසන්නේ රට මුහුණදෙන සැබෑ විදේශ විනිමය අර්බුදය වසන් කරමින් මේ ආකාරයෙන් මාධ්‍ය සංදර්ශන ඉදිරිපත් කිරීමෙන් රට තව තවත් අගාධයට ගමන් කරන බවයි.

‘‘මේ ආණ්ඩුවට දිගුකාලීන දැක්මක් නෑ. එදා වේල ටුවර්ස් තමයි වැඩ කරන්නේ. නිල විදේශ සංචිතය කොහෙන් හරි අතමාරුවක් අරගෙන කෙටි කාලයකට වැඩිකරගෙන ගහන්න තියෙන හැම කරණමක්ම ගහනවා. මේකට කියන්න තියෙන්නේ නැව ගිලූණත් බෑන් චූන් කියලයි. අපිට ඩොලර් බිලියන 3.1 ක් හැරෙන්නවත් මදි. ටික දවසක් මේ සතුට තියේවි. ආයිත් පරණ දුකටම වැටෙනවා. මේ නිසා මෙම විදේශ විනිමය අර්බුදය පිළිබඳව මීට වඩා වගකීමකින් කටයුතු කර එය දිගුකාලීනව තිරසාරව විසඳාගන්නා මාර්ගයකට අපි රටක් විදිහට අවතීර්ණ විය යුතුයි. මේ මාධ්‍ය සංදර්ශනවලින් නම් රටට වැඩක් වෙන එකක් නෑ.

මේ වන විට මෙරට වෙළෙඳපොළේ තිබෙන ඩොලර් ප‍්‍රමාණයත් මහ බැංකුව අලූත් නීති රීති දමමින් ඇද ගනිමින් සිටින බව ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා වැඩිදුරටත් කීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More