දේශීය පුවත්

දැනට භාවිත කරන ලද එහෙත් සම්පූර්ණයෙන් අවසන් නොවූ කොළ පැහැති මුද්‍රාව ඉවත් කළ ගෑස් සිලින්ඩර බෙදාහැරීම් නියෝජිත ස්ථාන වෙත නැවත භාරගන්නා බව ලාෆ්ස් ගෑස් සමාගම නිවේදනය කරයි.

එහිදී සිලින්ඩරය කිරා මැනබලා ඉතිරිව ඇති ගෑස් ප්‍රමාණය වෙනුවෙන් නැවත මුදල් ගෙවීමක් සිදුකරන බවද ලාෆ්ස් සමාගම පවසයි.

මේ අතර ගෑස් සංයුතිය වෙනස් කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් පාරිභෝගිකයා දැනුවත් කිරීමට සමාගම්වලට වගකීමක් තිබූ බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පවසයි.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (තත්ත්ව ආරක්ෂණ) ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ සුජීව මහගමගේ මහතා ඒ බව පැවසීය.

මේ අතර වෙළඳපොළට මුදාහැර තිබූ භාවිත නොකළ ගෑස් සිලින්ඩර ආපසු කැඳවීමට පියවර ගන්නා ලෙසට අභියාචනාධිකරණය නියෝග කර තිබියදීත් එය නිසියාකාරව සිදු නොවන බවත් ප්‍රමාණවත් පරිදි ගෑස් සිලින්ඩර නිකුත් කිරීමට සමාගම් අපොහොසත්ව ඇති බවත් අප කළ සොයාබැලීමේදී (29) නිරීක්ෂණය වුණි.

ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල ප්‍රමිතිය සම්බන්ධයෙන් මතු වූ ගැටලුකාරී තත්ත්වයත් සමග වෙළෙඳපොළට මුදාහැර තිබූ භාවිත නොකළ ගෑස් සිලින්ඩර ආපසු කැඳවීමට පියවර ගන්නා ලෙසට අභියාචනාධිකරණය නියෝගයක් නිකුත් කළේ ඉකුත් දෙසැම්බර් 17 වැනිදාය.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිර්ණායකයන්ට අනුකූල ගෘහස්ථ ගෑස් සිලින්ඩර පමණක් වෙළෙඳපොළට මුදාහැරීමට පියවර ගන්නා ලෙසට අභියාචනාධිකරණය ගෑස් සමාගම් දෙකට එදින තවත් නියෝගයක්ද ලබාදී තිබුණි.

එම නියෝග ලබාදී අදට දින 12ක කාලයක් ගතවී තිබුණත් වෙළෙඳපොළට ප්‍රමාණවත් අයුරින් ගෑස් සිලින්ඩර නිකුත් කිරීමට ගෑස් සමාගම් අසමත් වී තිබේ.

පාරිභෝගිකයින්ට එක් සිලින්ඩරයක් ලබාගැනීම සඳහා පැය ගණනක් අලෙවිසල් අසල දිගු පෝලිම්වල රැඳීසිටීමට සිදුව ඇත්තේ එහි ප්‍රතිඵලයක් ලෙසය.

මෙහිදී පැරණි ගෑස් සිලින්ඩර නැවත භාරගැනීම මෙන්ම නව ප්‍රමිතිය සහිත ගෑස් සිලින්ඩර නිකුත් කිරීම ප්‍රමාණවත් ලෙස සිදුනොවන බව අප කළ නිරීක්ෂණයකදී අනාවරණ වුණි.

ගෑස් සිලින්ඩර ආශ්‍රිත පිපිරුම් හා ගිනිගැනීමේ සිදුවීම් තවදුරටත් වාර්තාවීමෙන් පැහැදිලි වන්නේ ගෑස් සමාගම් අධිකරණ නියෝගය ප්‍රකාරව – දැනට භාවිත කළ සිලින්ඩර යළි භාරගැනීමක් කර නොමැති බවය.

එහි අහිතකර ප්‍රතිවිපාක විඳින්නට සිදුව ඇත්තේ මුදල් ගෙවා ගෑස් සිලින්ඩර මිලට ගත් අසරණ පාරිභෝගික ජනතාවටය.

මේ අතර පිටිගල නියාගම හා මානම්පිට ප්‍රදේශවල නිවෙස් දෙකකත්, බිබිල මැදගම බකිණිගහවෙල ප්‍රදේශයේ නිවසකත්, බගවන්තලාව චැපල්ටන් වතුයායේ නිවෙසකත් ගෑස් උදුන් පිපිරී ගොස් තිබුණි.

ගනේවත්ත තඹගල්ල ප්‍රදේශයේ නිවසක ද ගෑස් ලිප ඊයේ රාත්‍රියේ පිපිරී ගොස් තිබුණි.

ගෝනපීනුවල කලුවගහ ජනපදයේ නිවසක මුළුතැන්ගෙය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබුණු අතර ඒ ගෑස් සිලින්ඩරය කාන්දුවීමෙන් ඇතිවූ ගිනිගැනීමක් හේතුවෙනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More