දේශීය පුවත්

අසභ්‍ය ප්‍රකාශන තහනම් කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ දැනට නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන්නැයි අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් අමාත්‍යංශ ලේකම්වරයා වෙත උපදෙස් දී තිබෙනවා.

අසභ්‍ය ප්‍රකාශන තහනම් කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය පසුගිය 24 වනදා ප්‍රකාශයට පත්කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් සමාජයේ විවිධ පාර්ශව පසුගිය කාලයේදී විවිධ අදහස් පළකර තිබුණා.

අසභ්‍ය ප්‍රකාශන තහනම් කිරීම සඳහාවන නීතියක් සම්පාදනය කිරීමේදී නිර්මාණ කරුවන්ගේ ප්‍රකාශන අයිතිය පිළිබඳ විශේෂයෙන් සැළකිලිමත් විය යුතු බවයි ඇතැම් පාර්ෂව පෙන්වා දී තිබුනේ

එම කරුණු සැළකිල්ලට ගනිමින් සංශෝධිත පනත් කෙටුම්පතක් අමාත්‍ය මණ්ඩලය වෙත නැවත ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙසත් එතෙක් දැනට නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කිරීමට පියවර ගන්නා ලෙසත් අමාත්‍ය අලි සබ්රි මහතා තමන් වෙත උපදෙස් දුන් බවයි අධිකරණ අමාතයංශයේ ලේකම් එම්. එම්. පී. කේ. මායාදුන්නේ මහතා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

එමෙන්ම අසභ්‍ය ප්‍රකාශන තහනම් කිරීම සඳහාවන නීතියක් සම්පාදනය කිරීමට උනන්දු වූයේ බාලවයස්කාර දරුවන්ගේ සුභසිද්ධිය හා හිංසනයට ලක්වන කාන්තාවන්ගේ පුද්ගලිකත්වය ආරක්ෂා කරමින් නීති සකස් කිරීම මිස භාෂණයේ නිදහසට බාධා කිරීමට නොවන බවද අමාත්‍යංශ ලේකම්වරයා නිකුත් කර ඇති නිවේදනයේ සඳහන්.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More