දේශීය පුවත්

ඊයේ(29) කොළඹදී පැවති ජන හමුවක් අමතමින් ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසා සිටියේ විමල් වීරවංශ, උදය ගම්මන්පිළ සහ තමන් මෙම ආණ්ඩුවෙන් ඉවත් වී යාමට කිසිදු අදහසක් නොමැති බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා,

“ජනාධිපතිතුමා ජනමාධ්‍යකරුවන් කැඳවලා කියල තිබුනා ඒ අය අස්වෙලා යනවා නම් ඒගොල්ලොන්ගේ කැමැත්තක්. ඒ අයට වෙනස් මතයක් තියෙනවා නම් අස්වෙලා යනවා නම් ඒක ඒගොල්ලොන්ගේ කැමැත්ත. මම ඒගොල්ලොන්ව අස්කරන්න යන්නේ නෑ. අපිත් එතුමාණන්ට නැවත නැවතත් කියා තිබෙන්නේ අපි එතුමාව දාලා යන්න අදහසක් නෑ කියලා. අපි එතුමා සමඟ මේ ගමන යන්නයි අදහස. හැබැයි අපි දකිනකොට අපේ රටේ අනාගතයට මහා හානිදායක බලපෑමක් ඇතිකරන කරුණක් අපි ඒක මතුකරගන්නවා. සාමූහික වගකීම කියල එකක් තියෙනවා කැබිනට් එකේ ඉන්නකොට. මොනවා හරි තීරණයක් ගත්තොත් ඒකට තමන් එකඟ වුනත් නැතත් අපි කවුරුත් ඒකෙන් බැඳී තියෙනවා. ඒක එංගලන්තයේ ප්‍රතිපත්තියක්. ඊට පරණ ප්‍රතිපත්තියක් අපිට තියෙනවා. අපිට අපේ සභ්‍යත්වයෙන් පෙන්නලා තියෙනවා හොඳම විදිය මොකක්ද කියලා. සංඝායනාව, සාකච්ඡාව, සම්මුතිය මේක අපේ පන්සල්වල සංඝයා වහන්සේ අතර පුහුණු කරන දෙයක්. විනය කර්මයේදී. සම්මුතිය අපේ ඉදිරියේ තියාගෙන හරි වැරැද්ද ගැන කතාකරමින් අපි කවුරුත් එකඟ වෙන රටට හිතවත් පොදු ස්ථානයක අපි කවුරුත් රැඳෙන්න ඕනේ කියන අදහසේ අපි ඉන්නවා. ඒ නිසා මේ වෙලාවේ මම අපි තුන්දෙනා වෙනුවෙන් ම කියන්න ඕන. අපේ ඇමතිවරු තුන්දෙනාටම කිසිම අදහසක් නෑ මේ ආණ්ඩුවෙන් පිටවෙලා යන්න. මේ ආණ්ඩුවෙන් පිටවෙලා යනවද කියලා අහන හැම අවස්ථාවකම අපි කියන්නේ අපි හැදූ ආණ්ඩුවෙන් අපි මොකට ද පිටවෙන්නේ කියලා. මේක අපි හැදූ ආණ්ඩුව. එදා මහින්ද සුළඟ නුගේගොඩින් අවුලාගත්ත වෙලාවේ ඉඳලා ඉදිරියට ගිය ගමනක මෙය අවසාන ප්‍රතිඵලයක් මේකට මේ තරම් අපි ජීවිතේ දිය කරලා මේක දාලා අපි කොහේ යන්නද?”

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More