ජනාධිපතිවරයා හා පුවත්පත් කතුවරුන් සමග පෙරෙදා පැවති සාකච්ඡාවකදී වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් කැබිනට් මණ්ඩලයේ සාමාජිකයින් ලෙස සිටිමින් යුගදනවි ගිවිසුම සම්බන්ධ කැබිනට් තීරණයකට එරෙහිව අධිකරණයට යාම සහ කැබිනට් තීන්දුව ප්‍රසිද්ධියේ විවේචනය කිරීම වරදක් බව ජනාධිපතිවරයා පවසා ඇති බව වාර්තාවේ.
ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යය වෙත අදහස් දැක්වූ උදය ගම්මන්පිල මහතා යුගදනවි ගනුදෙනුව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දැක්වීම තුළ තමා ඇතුළු අමාත්‍යවරුන් තිදෙනා වරදක් සිදුකර නොමැති බැවින් අමාත්‍යධුරවලින් ඉවත් නොවන බවයි.
එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ,
“නිව් ෆෝට්‍රෙස් එනර්ජි සමාගම පිළිබඳ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව සැබවින්ම අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් වුණේ නැති බවත්, ඒ පිළිබඳ සාකච්ඡාව සිදුනොවුන බවත්, විදිමත්ව අනුමත කිරීමක් සිදුනොවුන බවත් පරම සත්‍යයක්. ඒ සත්‍යය රටටත් උසාවියටත් කියන්න අපි තීරණය කළා. අපි ඒ කළ දේ රට රැකගැනීම වෙනුවෙන් කළ දෙයක්, හෘද සාක්ෂියට එකඟව කළ දෙයක්. අපි විශ්වාස කරන්නේ නෑ අපි වරදක් කළා කියලා. අපි වරදක් කරලා නැතිනම් අපි අස්විය යුතු නෑ. අපි අස්වෙනවා කියන්නේ, අපි වරදක් කළාය කියලා අපි පිළිගත්තා වීමයි. අපි ගත්ත තීරණය වැරදි කියලා ජනාධිපතිතුමා හිතනවා නම් එතුමාට ඕනෑම මොහොතක අපිව අස්කරන්න පුළුවන්. ඒ බව දනිමි. ඒ අවදානම ගනිමින් රටටත් උසාවියටත් ඇත්ත කියන්න අපි තීරණය කළා. ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණයේ දී මාර්ක් ප්‍රනාන්දු විනිසුරුතුමන් ගාමිණී දිසානායක ඇතුළු අන් අය නඩු තීන්දුවේ දී ප්‍රකාශ කළේ, අමාත්‍ය මණ්ඩලයේ දී අමාත්‍යවරුන්ට අදහස් ප්‍රකාශ කරන්න අවස්ථාවක් නොලැබුණොත් අමාත්‍යවරුන්ට ඒ පිළිබඳව අමාත්‍ය මණ්ඩලයෙන් පිටත දී අදහස් දැක්වීමට අයිතියක් තිබෙනවා කියලා. අපි මේ අවස්ථාවේදී භාවිත කර තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය අමාත්‍යවරුන් සම්බන්ධයෙන් සඳහන් කළ දේ ශුද්ධ වු අයිතියයි.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...