ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුවේ සාමාජිකයින් පසුගිය 27 වනදා ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ගරු කමල් ගුණරත්න මහතා කොළඹදී මුණ ගැසුණු අවස්ථාවේදී එම කමිටුවේ සාමාජිකයින් පවසා ඇත්තේ ප්‍රාථමික වරිග සභාවක පවා චූදිතයෙකුට නිදහසට කරුණු කීමේ තිබෙන අවස්ථාව මානව හිමිකම් කොමිසමේ නැති බවයි. කමල් ගුණරත්න මහතා සමඟ පැවැත්වූ හමුවෙන් පසුව ලංකා ලීඩ් වෙබ් අඩවිය වෙත වැඩිදුරටත් කරුණු දැක්වූ ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුවේ ලේකම් යසස් ධර්මදාස මහතා,
“නැචුරල් ජස්ටිස් හෙවත් ස්වභාවික යුක්තිය කියා ලස්සන වචනයක් තිබෙනව. මෙය ප්‍රාථමික වරිග සභාවක උනත් දඬුවමක් දීමට පෙර චූදිතයෙකුට පිළිතුරු දීමට ලබාදෙන අවස්ථාවක්. නමුත් මානව හිමිකම් කොමිසම එපමණවත් ශීලාචාරවී නැහැ. කමල් ගුණරත්න මැතිතුමාගෙන් අප විමසා සිටියා එතුමාට විරුද්ධව ඇති චෝදනා වලට පිළිතුරු දීමට එතුමාට අවස්ථාවක් ලැබුනද කියා. එතුමා පවසා සිටියේ එවන් අවස්ථාවක් නොලැබුණ බවයි. එසේනම් කොහොමද මානව හිමිකම් කොමිසම කියන්නෙ ලෝකෙට අපේ රණවිරුවන්ට ඳඬුවම් කරන්න කියල? මෙහි ඇති වැරැද්ද පහුගිය ඊනියා යහපාලන රජය සිදුකළ වැරැද්ද මේ වත්මන් “රණවිරු” රජයත් පවත්වාගෙන යෑමයි. ඊනියා යහපාලන රජය රාජපක්ෂල සමග තිබුන වෛරයට ඇමරිකාව ප්‍රමුඛ රටවල අවශ්‍යතාවය ඉටුකළා. නමුත් මෙම “රණවිරු” රජය බලයට පත් උනහම එම වරද නිවැරදි කරයි කියල අපි හිතුව. ඒකයි අපි පහුගිය මැතිවරණයෙදි “රණවිරුගාය” ප්‍රමෝට් කරේ. නමුත් මේ වෙනකොට ඒ බලාපොරොත්තු බිඳ වැටිල. එහෙන් යස්මින් සූකගෙ ITJP එක යුද අපරාධ චෝදනා ගොනු කරනව. ඇමරිකාවෙ ටොම් ලැම්ටොස් කොමිසම තව පසෙකින් මානව හිමිකම් කඩකිරීම් චෝදනා ගොනු කරනව. ඒ අතරෙ 46/1 න් ස්ථාපනය කළ බාහිර යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙනව. මේ සියල්ලෙම ප්‍රථිඵල ලබන අවුරුද්දෙ මාර්තු මාසෙ ජිනීවා මානව හිම්කම් කොමිසමට එනව. දැනට ලංඩන්වල පදිංචි අප සංගමයේ ලන්ඩන් ශාඛාවේ ලේකම් ජයරාජ් පලිහවඩන මහතාට පමණක් යස්මින් සූකා පවරා ඇති නඩුවට පවුම් පනස් දෙදාහක් පමණ වැයකර තියෙනව. ඉදිරි නඩු කටයුතු සඳහා තව පවුම් හැට හැත්තෑ දාහක් යාවි. බැරි වෙලාවත් නඩුව පැරදුනොත් එතුමාට පවුම් ලක්ෂ දෙකක විතර වන්දියක් ගෙවීමට සිදුවෙනව. මේ එක සිවිල් නඩුවක් පමණයි. යුද අපරාධ චෝදනා ගොනුවෙන්නෙ අපරාධ නඩු හැටියට. රටවල් කීපෙකින් දැනට ලිස්ට් එකේ ඉන්න යුද අපරාධ චූදිතයින් 57 දෙනාට විරුද්ධව නඩු වැටුනොත් පවුම් මිලියන කීයක් අවශ්‍ය වෙයිද නඩු කටයුතු වෙනුවෙන්. එම චෝදනා, අනිවාර්යයෙන්ම ඔප්පු කරාවි එපමණ මුදලක් වැය කිරීමට රණවිරුවන්ට හැකියාවක් නොමැති නිසා, දඩයක් ගෙවීමෙන් පමණක් ගැලවෙන්න ලැබෙන්නෙ නැහැ. ඊනියා යහපාලන රජය සම්මත කර ඇති පණත් අනුව චූදිතයින් රටින් පිටුවහල් කිරීම හෝ රට තුළම හිර ගත කිරීම ආදී වෙනත් රටවල අධිකරණ නියම කරන ඳඬුවම් ක්‍රියාත්මක කළ යුතුයි. නොමැතිනම් අපිට විරුද්ධව විවිධ සම්බාධක පනවාවි. මේ රණවිරු රජයත් රණවිරුවන් වෙනුවෙන් ස්වභාවික යුක්තිය ඉල්ලා නොසිටිය හොත් අනිවාර්යයෙන්ම රට විශාල අමාරුවකට යනව. පහුගිය ඊනියා යහපාලන රජයේ හිටිය හොර උපදේශක නඩය වගේ නඩයක් මේ රණවිරු රජයටත් අරක්ගෙන සිටිනව. මේ පිළිබඳව අපි ලිපියක් ආරක්ෂක ලේකම් තුමාට බාර දුන්න. අප හිතනව එම පිටු හතරක ලිපියට නිසි අවධානය යොමු කරාවි කියා. එහි අපේ එක ඉල්ලීමක් උනේ වහාම ජනාධිපති කාර්‍යසාධක කමිටුවක් පත්කරන ලෙසයි. දැනට ඉන්න කපටි උපදේශකයින්ගෙන් නිසි උපදෙස් මේ පිළිබඳව ලැබෙනවා කියා අප හිතන්නෙ නෑ. එසේ ලැබෙනවානම් පහුගිය දිනක ජනාධිපතිතුමා අප සමග පවසන්නෙ නෑ දෙමළ ඩයස්පෝරාව සමග කතාබහ කිරීමෙන් මේ ප්‍රශ්ණය විසඳගන්නව කියල. අප ආරක්ෂක ලේකම්තුමාව මුණගැසුන ප්‍රධාන කාරණාව වූයේ යස්මින් සූකා විසින් ජයරාජ් පළිහවඩන මහතාට නගා ඇති නඩුව සඳහා නඩුගාස්තු වෙනුවෙන් රජයේ ආධාර ලබාගැනීම පිළිබඳව එතුමාගේ අවධානය ඉල්ලා සිටීමටයි. එතුමා ඒ පිළිබඳව ආරක්ෂක කමිටුවේ අවධානය යොමුකරන බව පැවසුව. අපි බලාපොරොත්තු වෙනව යහපාලන රජය ඊනියා යහපාලන රජය උනා වගේ රණවිරු රජය ඊනියා රණවිරු රජයක් නොවේවි කියා”.
යසස් ධර්මදාස මහතා සමඟ ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුවේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත නුවන් බැල්ලන්තුඩාව හා විධායක කමිටු සාමාජික ප්‍රිමාල් ප්‍රනාන්දු යන මහත්වරු එම කමිටුවේ ලංඩන් ශාඛාවේ ලේකම් ජයරාජ් පළිහවඩන මහතාද සහභාගි විය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...