දේශීය පුවත්

වංචා දූෂණ අක‍්‍රමිකතා සහ රටේ බලය කිහිප දෙනකු අතට පත්ව තිබීම නිසා මේ ආණ්ඩුවට ජාත්‍යන්තරයේ සහාය නොලැබෙන බව හිටපු ජනාධිපති සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

දේශපාලනය, ආර්ථිකය හා ජාත්‍යන්තරය මෙම ආණ්ඩුව අවුල් කර ගෙන තිබෙන බව හිටපු ජනාධිපතිවරයා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ කෝට්ටේ ආසන බල මණ්ඩල රැස්වීම අමතමින් (26දා) සඳහන් කළේය.

ජාත්‍යන්තරය අපට ආධාර ලබා දෙන්නේ ලෝක බැංකුව හා එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා බවත් ඒ සඳහා රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව හිමිකම් රැකීම නීතිය හා සාමය ආරක්‍ෂා වීම අවශ්‍ය බවත් ඒත් අප බේරාගන්න කියා කෑගහන්නට අපටත් සිදු වී තිබෙන බවත් හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More