දේශීය පුවත්

කොවිඩ් ආසාදනය වන සියලු පුද්ගලයින් ජාන විශ්ලේෂණය සඳහා යොමු නොකරන බැවින් මෙරට ව්‍යාප්ත වී ඇති කොවිඩ් ප්‍රභේදවල සංඛ්‍යා දත්තවල පරස්පරතා පැවැතිය හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය හේතුවෙන් ඔමික්‍රෝන් වැනි කොවිඩ් ප්‍රභේද වැළදුණු පුද්ගලයින් පිළිබඳව නිසි දත්ත ලබා ගැනීම ගැටලු සහගත බවයි.

“අපි සාම්පල් පරික්ෂාවෙන් සොයා ගන්නා රෝගීන් සංඛ්‍යාව සෑම විටම සම්පූර්ණ සංඛ්‍යාව ලෙස ගණන් ගන්න බෑ. කොවිඩ් -19 පොසිටිව් හැටියට PCR පරීක්ෂණවලට ලක්කළ සියලුදෙනාම නැවත ජාන විශ්ලේෂණයක් කරන්නේ නෑ. එවැනි තත්ත්වයක් තුළ මේ සියලුම ඔමික්‍රෝන් ප්‍රභේද අපි හඳුනා ගන්නේ නෑ. අපිට කියන්න තියෙන්නේ මේක හැම වෙලේම කොවිඩ් ද නැද්ද කියලා. එහෙමත් නැතිනම් ඔමික්‍රෝන්ද නැද්ද කියලා ඩෙල්ටා ද නැද්ද කියලා බැලු බැල්මට පෙනෙන්නේ නෑ. ඒ වගේම තමා ඔමික්‍රෝන් ප්‍රභේදය අනිත් ප්‍රභේදයන්ට වඩා වේගයෙන් හැදෙනවා කියන එක. මේ සියල්ල සිද්ධ වෙන්නේ පැතිරෙන්නට ඉඩ දුන්නොත් විතරයි. අපි පැතිරෙන්නට ඉඩ නොදී සෞඛ්‍ය සම්පන්නව හිටියොත් මේ ඔමික්‍රෝන් ප්‍රභේදය පැතිරෙන්නෙත් නෑ.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More