දේශීය පුවත්

දුම්රිය ස්ථානාධිපති සංගමය සහ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද දිනයේ පැවැත්වීමට නියමිතව ඇත.

දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේ අදාළ සාකච්ඡාවෙන් සිය ගැටලුවලට විසඳුම් නොලැබුණහොත් අඛණ්ඩ වැඩ වර්ජනයකට යොමුවන බවය.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇති අතර අද (28) දිනයේ සිට ඉන්ධන, සිමෙන්ති සහ තිරිඟු පිටි ප්‍රවාහන කටයුතුවලින් ඉවත්වීමට ඔවුන් තීරණය කර තිබේ.

කෙසේ වෙතත් සිය වෘත්තීයට අහිතකර වන අකාරයෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ ඉල්ලීම්වලට විසඳුම් ලබාදීමට බලධාරීන් කටයුතු කළහොත් තමන්ද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත් සිය ඉල්ලීම් තුළ වෙනත් කිසිදු වෘත්තියකට අහිතකර වන ආකාරයේ ඉල්ලීම් නොමැති බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More