පුවත්පත් කර්තෘවරුන් සමග ඊයේ (27) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදී පවසා සිටියේ හරිත කෘෂිකර්මාන්තයක් සඳහා තමන් ආරම්භ කළ වැඩපිළිවෙළට කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ අවශ්‍ය සහාය නොලැබුණු බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින්, ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ සිය ධුර කාලයෙන් පළමු වසර දෙක කොවිඩ් වසංගතය වෙනුවෙන්ම කැපකිරීමට සිදුවුව ද තමා භාරගත් සියලු වගකීම් ඉතිරි වසර තුනේදී ඉටුකරන බවයි.
රට තුළ පවතින වත්මන් තත්වයන් පිළිබඳ එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබූ අතර එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදහස් දක්වමින්,
හරිත කෘෂිකර්මාන්තයක් වෙනුවෙන් තමන් ආරම්භ කළ වැඩපිළිවෙලට කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් නිසි සහයෝගයක් නොලැබුණ බවත් ඒ සඳහා ගොවීන් මානසිකව සුදානම් කිරීමේ වගකීම එම නිලධාරීන් අතින් නිසි පරිදි ඉටුනොවූ බවත් අනාවරණය කර ඇත.
රටේ ආර්ථික තත්වය පිළිබන්දව අදහස් දක්වමින් තමා බලයට පත්වන විට මෙරට විදේශ සංචිත ඩොලර් බිලියන 7.3ක් තිබූ බව පවසා ඇති ජනාධිපතිවරයා කොව්ඩ් අර්බුදය හමුවේ සංචාරක කර්මාන්තය, අපනයන ක්ෂේත්‍රය බිඳවැටීම තුළ ඇති වු විදේශ ප්‍රේෂණ අඩුවීම එම විදෙස් සංචිත පහළ බැසීම සඳහා දැඩි බලපෑමක් කළ බව අනාවරණය කර ඇත.
එහිදී ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ බොහෝදෙනා කතාබහට ලක්නොකළත් ආනයන සීමාකිරීම් හමුවේ ගම්මිරිස් ගොවියන්ගේ ආදායම ඉහළ යාම, කහ වගාකරුවන්ට හොඳ මිලක් ලැබීම, එතනෝල් ආනයනය නතර කිරීම නිසා මෙරට උක් ගොවීන්ගේ ආදායම ඉහළ යාම වැනි ධනාත්මක කරුණු රැසක් ද සිදුවූ බවයි.
ඇතැම් රාජ්‍ය ආයතනවලට ලේකම්වරු, සභාපතිවරු පත්කිරීමේදී උගත්කම මෙන්ම දේශපාලන ධාරාව පිළිබඳ අවබෝධයක් ඇති සමතුලිත පිරිසක් පත්කිරීම වැදගත් බව ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.
අවසාන වශයෙන් පුවත්පත් කර්තෘවරුන් හමුවේ ජනාධිපතිරයා අවධාරණය කර ඇත්තේ කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා සිය ධුරකාලයේ මුල් වසර දෙකම වැය වුවද ඉතිරි වසර තුනේදී ජනතාව වෙනුවෙන් ඉටුකළ යුතු සියලු වගකීම් ඉටුකරන බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...