දේශීය පුවත්

ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර මහතාගේ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා පිළිගෙන ඇත.

නව ජනාධිපති ලේකම්වරයා ලෙස අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත් මහතා පත්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.

අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස වාරිමාර්ග අමාතයංශයේ ලේකම් අනුර දිසානායක මහතා පත්කිරීමට නියමිත බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි.

පී.බී. ජයසුන්දරගේ ක්‍රියාකලාපය පසුගිය දිනවල ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරුන්ගේ විවේචනයට ලක්විය. විශේෂයෙන්ම අරුණ දේශපාලන කොලමේ සදහන් කළ පරිදි අමාත්‍ය චමල් රාජපක්ෂගේ දැඩි විවේචනයක පී.බී. ලක්විය. ජනාධිපතිවරයා ඉරිදිපිටදීම චමල් පවසා ඇත්තේ පී.බී.ගේ උපදෙස් මත ක්‍රියාකිරීම නිසා ජනාධිපතිවරයා සහ රට බරපතල අගාදයකට ගොස් ඇති බවයි.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමයේදී වත්මන් කර්මාන්ත ඇමති විමල් වීරවංශ එවකට පී.බී. ජයසුන්දර හදුන්වාදෙනු ලැබූයේ ආර්ථික ඝාතකයෙකු ලෙසය. මහින්ද රාජපක්ෂ රජය පිරිහීමට ප්‍රධාන හේතුව ලෙස ද විමල් එවක පී.බී. ජයසුන්දරට ප්‍රසිද්ධියේම චෝදනා කළේය.

නව ජනාධිපති ලේකම්වරයා ලෙස පත්වීමට නියමිත ගාමිණී සෙනරත් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ අත්දැකීම් බහුල විශිෂ්ඨ නිලධාරියෙකු වන අතර, ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලන සමයේ ජනාධිපති අතිරේක ලේකම්වරයෙකු හා ජනාධිපති කාර්යාලයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ද කටයුතු කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More