උතුරු මුහුදට ඇතුළු වන ඉන්දීය ධීවරයින් වහාම අත්අඩංගුවට ගත යුතු බවටත් අත්අඩංගුවට ගන්න ධීවරයින් හ ධීවර යාත්‍රා නිදහස් නොකරන ලෙසටත් ඉල්ලමින් යාපනයේ ධීවර සංගම් කිහිපයක ධීවරයින් විශාල පිරිසක් විරෝධතා පාගමනක් සංවිධානය කොට තිබුණි.
යාපනය දිස්ත්‍රීක් ධීවර සංගම් සමිති කාර්යාලයේ සිට විරෝධතාකරුවන් විසින් විරෝධතා පාගමන ආරම්භ කොට යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය දක්වා ගමන් කරමින් දිස්ත්‍රීක්ලේකම් කාර්යාලය ඉදිරිපිටදී යාපනය මහනුවර ඒ න9 ප්‍රධාන මාර්ගය අවහිර කොට මාර්ගයේ හිඳ ගනිමින් විරෝධතාවයේ නිරත වූහ.
විරෝධතාවේ නිරත වූ ධීවරයන් කියා සිටියේ තමා ගැටළුවලට ස්ථිර පිළිතුරක් ලබා දෙන තුරු සිය විරෝධතාව අත් නොහරින බවටය.
එහිදී ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ මේ වන විට ඉන්දීය ධීවරයන් විශාල පිරිසක් උතුරු මුහුදට ඇතුළු වන බවටත් ඉන් ඉතාම සුළු පිරිසක් පමණක් නාවික හමුදා අත්අඩංගුවට පත්වන අතරම විශාල පිරිසක් උතුරු මුහුදේ ධීවරයින්ට අයත් මුහුදු කලාපයේ මසුන් අල්ලා උතුරේ ධීවරයන්ගේ දැල් ආම්පන්නද සියල්ලක්ම විනාශ කොට දමන බවටත්ය.
එමෙන්ම අත්අඩංගුවට ගන්නා ඉන්දීය ධීවරයන් සහ ට්‍රෝලර් යාත්‍රාද අධිකරණයන් මගින් ඉතාමත් සුළු කාලයක් තුළ නිදහස් කිරීමෙන් එම ධීවරයින්ම නැවත උතුරු මුහුදට පැමිනෙන බවටත් ධීවර යාත්‍රා සහ ධීවරයින් කඩිනමින් නිදහස් නොකරන ලෙසටත් විරෝධතාකරුවන් වැඩිදුරටත් ඉල්ලා සිටියහ
ධීවරයින්ගේ විරෝධතාව හේතුවෙන් යාපනය මහනුවර ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතුවලටද බාධා සිදුවූ අතර යාපනය පොලිසිය විසින් වාහන ගමනාගමනය විකල්ප මාර්ග ඔස්සේ ධාවනය කිරීමට ද පියවර ගෙන තිබුණි.
අනතුරුව එම ස්ථානයට දේශපාලන නියෝජිතයින් ද කීප දෙනෙකු පැමිණි අතර ඔවුන් සමඟ සිදුකරනු ලැබූ සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් එම ස්ථානයට ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාට පැමිණීමට සිදු විය.
අනතුරුව අමාත්‍යවරයා විසින් ඉන්දීය ධීවරයන්ගේ ගැටලුව ජනාධිපති සහ අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කොට ඉන්දීය රජය සමඟද සාකච්ඡා කරමින් කඩිනමින් ස්ථිර විසඳුමක් ලබා දීමට පොරොන්දු වීමෙන් අනතුරුව විරෝධතාකරුවන් විරෝධතාවය අතහැර දැමීමට පියවවර ගත්හ.
– වන්නි රොමේෂ් මධුෂංඛ
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...