දේශීය පුවත්

සතොස දුන් තෝරාගැනීම

December 26, 2021 2:33 pm | Lanka Lead News

උත්සව සමයේ පාරිභෝගිකයෙකුට සතොස අලෙවිසැල්වලින් මිලදී ගත හැකි සහල් ප්‍රමාණය කිලෝග්‍රෑම් 10ක් දක්වා හෙට (27) සිට වැඩිකර ඇතැයි වෙළෙඳ අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

මීට අමතරව සතොස සහන මල්ලට සීනි මිලදී නොගන්නා පාරිභෝගිකයින්ට සහල් කිලෝග්‍රෑම් දෙකක් අමතරව ලබාදීමටද තීරණය කර තිබේ.

වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා,

“රුපියල් 1,998 සහන මල්ල තුළ සම්බා කිලෝ 10ක් ලබාදුන්නා. ඒ සහන මල්ල සකස් කරන විට දේශීය දුඹුරු සීනි තමා අපි කිලෝ 2ක් ලබා දෙන්නේ. සමහර වෙළෙඳසැල්වලට ඒ දේශීය දුඹුරු සීනි ප්‍රමාණවත් ලෙස තොග නොලැබුණාම සහන මල්ල ලබාගන්න කෙනාට සීනි වෙනුවට මොකද කරන්නේ කියන ප්‍රශ්නය පැන නැගුනා. ඒ නිසා හෙට සිට දෙසැම්බර් 31වනදා තෙක් සහන මල්ලට සීනි මිලදී නොගන්නා පුද්ගලයින්ට 1,998 මිලටම තවත් සම්බා කිලෝ 2ක් වැඩිපුර ගන්න පුලුවන්.

ඊට අතිරේකව හෙට දිනයේ සිට දෙසැම්බර් 31 දක්වා සතොස වෙළෙඳසැල් තුළ සමාන්‍ය පාරිභෝගිකයින්ට මෙතෙක් ලබාදුන් සහල් කිලෝ 5 වෙනුවට සහල් කිලෝ 10 බැගින් ලබාදීමටත් කටයුතු කරනවා. ඒ අනුව ලබන්නා වු අලුත් අවුරුද්ද වෙනුවෙන් රුපියල් 130ක මිලට සතොස මගින් සුපිරි සම්බා කිලෝ 10 බැගින් ලබාගැනීමට පුලුවන්. ඒ දෙසැම්බර් 31 දක්වා පමණයි.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More