රාජ්‍යය අමාත්‍යය සිසිර ජයකොඩි මහතා විසින් කංසා නීතිගත කිරීම සඳහා ගනු ලබන උත්සාහය පිළිබඳව ජාතික සංවිධානවල මතය කුමක්දැයි ලංකා ලීඩ් වෙබ් අඩවිය විසින් විමසන ලද අවස්ථාවේදී ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතා ලබාදුන් පිළිතුර ඔහුගේම වචනයෙන් මෙසේ දක්වමු,
” ගංජා දුම් පානය කරණ විද්වතුන් යැයි කියා ගන්නා මෝඩයන්ගේ උපදෙස් අනුව තමයි මේ ඇමතිවරු මහා අනාගත ව්‍යයසනයකට දායක වන්නේ. ඔවුන්ට ඔවුන්ට මෙහි ගැඹුර වැටහෙන්නේ නැහැ. කංසා නීතිගත කිරීම, ගණිකා වෘත්තිය නීතිගත කිරීම, සම ලිංගික විවාහ නීතිය නීතිගත කිරීම, මේවා සියල්ල එකට බැඳිලා තියෙන්න්නේ. එක් පැත්තකින් සංස්කෘතික ආක්‍රමණය එක් සටන් පෙරමුණක්.අනෙක් පැත්තෙන් ආර්ථික ඝාතන ක්‍රියාවලිය ඉදිරියට යනවා. ලෝකයේ හොඳම මිනිරන් තිබෙන අපේ රටේ කළු රත්තරන් හෙවත් ග්‍රැෆින් වලින් සහ ඛනිජ වැලි වලින් ටයිටේනියම් හදනවානම් අවුරුද්දකට ඩොලර් බිලියන 8000ක් හොයන්න පුළුවන්. ඒ ගැන කතා නොකර කංසා පිටරට පටවලා ඩොලර් මිලියන 500ක් හොයාගන්න තමයි මේ කතා කරන්නේ.සංචාරක කර්මාන්තයේ ලැබෙන ඩොලර් මිලියන 4000 අවශ්‍යයනම් ඩොලර් මිලියන 5000ක් කරන්න පුළුවන් ලෝකයේ සිටින හිඟන තුප්පහි සංචාරකයන්ට කංසා සහ ගණිකාවෝ සපයලා. නවසීලන්තය මේ ගොන් වැඩේ කරපු රටක්. අද පාසල් සිසුන් පවා කංසා ඔතලා බොනවා, හපනවා, කුඩු නහයට උරනවා, දිය කරලා බොනවා. මේ විනාශය තමයි අපේ රටටත් කරවන්න හදන්නේ.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...