දේශීය පුවත්

තිරුක්කෝවිල් පොලිස් ස්ථානයේ දී සිදුකළ වෙඩි තැබීමෙන් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි තවත් පොලිස් නිලධාරියෙකු මියගොස් තිබේ.

වෙඩි වැදිමෙන් බරපතළ තුවාල ලබා කල්මුණේ අෂ්රෆ් රෝහලට ඇතුළත් කළ පොලිස් සැරයන්වරයෙකු මෙලෙස මියගොස් ඇති බව එම රෝහල් පොලීසිය පැවසුවේය.

ඒ අනුව තිරුක්කෝවිල් පොලිස් ස්ථානයේ සිදුකළ වෙඩි තැබීමෙන් මියගිය පොලිස් නිලධාරින් සංඛ්‍යාව 04 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත.

වෙඩි වැදිම හේතුවෙන් තිරුක්කෝවිල් පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා සහ තවත් පොලිස් නිලධාරියෙකු තවදුරටත් ප්‍රතිකාර ලබන බව පොලීසිය සඳහන් කළේය.

තිරුක්කෝවිල් පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ සැරයන්වරයෙකු විසින් අදාළ වෙඩි තැබීම සිදුකර තිබූ අතර පසුව එම සැරයන්වරයා ඇතිමලේ පොලිස් ස්ථානයට භාරවී තිබේ.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More