පුරවැසි කොලම

චිලියේ පාඩම්….

“මිනිස්සුන් තමන්ගේම ඉතිහාසයක් ගොඩනඟයි, නමුත් ඔවුන් එය, ඔවුන් කැමති පරිදි සාදන්නේ නැත; ඔවුන් එය කරන්නේ ස්වයංව-තෝරාගත් තත්වයන් යටතේ නොව, දැනටමත් පවතින, ලබා දී ඇති සහ අතීතයේ සිට සම්ප්‍රේෂණය වූ තත්වයන් යටතේ ය. මිය ගිය සියලු පරම්පරාවල සම්ප්‍රදාය ජීවත්ව සිටින අයගේ මොළය මත නපුරු සිහිනයක් මෙන් බරවෙයි. – මාක්ස්, ලුවී බොනපාට්ගේ දහඅටවන බෲමයිර්.”

දින කිහිපයකට පෙර, නව ෆැසිස්ට්වාදී අපේක්ෂක ජෝස් ඇන්ටෝනියෝ කස්ට් රටේ ජනාධිපතිවරණයේ පළමු වටය ජයග්‍රහණය කරන විට, නව ලිබරල්වාදය වැළලීම ඉලක්ක කරගත් චිලියේ 2019 කැරැල්ල අවසන් වූ බවක් පෙනෙන්නට තිබුණි. කෙසේ වෙතත්, දෙවන වටයේදී සියයට 56 ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්, එනම් මිලියන 5 කට ආසන්න ඡන්ද ප්‍රමාණයක් ලබා ගත් Apruebo Dignidad (ගරුත්වය සඳහා ඡන්දය දෙන්න) (කුඩා කණ්ඩායම් සමග අත්‍යවශ්‍යයෙන්ම පුළුල් පෙරමුණක් සහ කොමියුනිස්ට් පක්ෂයේ මැතිවරණ සන්ධානයකි)අපේක්ෂක ගේබ්‍රියෙල් බෝරික් ෆොන්ට්ගේ විශිෂ්ට ජයග්‍රහණයත් සමඟ විශාල ලෙස ප්‍රබෝධමත් වී තිබෙන බව පෙනේ. 35 හැවිරිදි ගේබ්‍රියෙල් රටේ ඉතිහාසයේ මෙතෙක් පත්වූ ලාබාලතම ජනාධිපතිවරයා වේ.

වත්මන් ප්‍රවාහන අමාත්‍යවරයා විසින් හිතාමතාම කිසිදු පොදු ප්‍රවාහන සේවාවක්, බෝරික්ට කැමති ඡන්දදායකයින් සංඛ්‍යාව අවම කිරීම අරමුණු කරගත්, විශේෂයෙන් දුප්පත් අසල්වැසියන් සඳහා බස් රථ ලබා නොදෙන ප්‍රතිපත්තියක් නොතිබුනේ නම්, එම ප්‍රතිඵලය මීට වඩා විශාල වනු ඇත. ඔවුන් චන්දය අත්හැර දමා ආපසු ගෙදර යනු ඇතැයි පාලකයින්ගේ බලාපොරොත්තුව විය. (චිලියේ ඡන්දය ස්වේච්ඡාවෙන් කරන අතර පළමු වටය සඳහා ඡන්දය දීමෙන් වැළකී සිටීමේ මට්ටම් සියයට 53 ක් විය. දෙසැම්බර් 17 වෙනිදා El País වාර්තා කළේ, බොරික්ගේ බලකොටුවක් වන La Pintana හි ඡන්දදායකයින්ගෙන් සියයට 60 ක් පළමු වටයේදී නිවසේ රැඳී සිටි බවයි.)මැතිවරණ දිනය පුරාම, ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල, විශේෂයෙන් රූපවාහිනියේ, මුළු රටේම මිනිසුන්ට නිරන්තර වාර්තා වූයේ, විශේෂයෙන් සන්තියාගෝ (සන්තියාගෝ හි මිලියන 19 ක් වූ චිලී මුළු ජනගහනයෙන් මිලියන 6 කට වඩා වැඩි පිරිසක් සිටිති.) බස් නැවතුම්පොළවල පැය 2 ක් -3 ක් ඡන්ද මධ්‍යස්ථාන වෙත යාමට පවා රැඳී සිටීමට සිදුවීම ගැන දැඩි ලෙස මැසිවිලි නඟන බවයි. මේ අනුව, ඔවුන් මැතිවරණය දූෂණය කරනු ඇතැයි සාධාරණ බියක් ඇති වූ නමුත් දුප්පත් ඡන්දදායකයින්ගේ අධිෂ්ඨානය නිසා එම උපාය සාර්ථක වූයේ නැත.

දක්ෂිණාංශයේ සහ ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල අනුග්‍රහය ඇතිව, කස්ට්ගේ චන්ද ව්‍යාපාරය, 1958, 1964 සහ 1970දී සමාජවාදී අපේක්ෂක සැල්වදෝර් අලෙන්දේට එරෙහිව එක්සත් ජනපදයේ අරමුදල් සහ එක්සත් ජනපදය විසින් මෙහෙයවන ලද ‘ත්‍රස්තවාදී ප්‍රචාරණය’ සිහිගන්වමින්, රටේ ඉතිහාසයේ අපිරිසිදු මැතිවරණ ව්‍යාපාරයක් ගෙන ගියේය. වක්‍රෝක්තිය සහ සමාජ මාධ්‍ය භාවිතය හරහා, කස්ට් කඳවුර කොමියුනිස්ට් විරෝධී ව්‍යාජ ප්‍රචාරක ව්‍යාප්ත කරමින්, ත්‍රස්තවාදයට සහාය වීම සම්බන්ධයෙන් බෝරික්ට අභූත චෝදනා එල්ල කළේය, බෝරික් චිලියේ ඒකාධිපති පාලනයක් ස්ථාපනය කරන බවට චෝදනා කළේය. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී, බොරික් මත්ද්‍රව්‍ය, අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව අඟවමින්, ඔහු ජනාධිපති වුවහොත් එය පාලනයෙන් මිදෙනු ඇතැයි පුන පුනා පුරෝකථනය කිරීම මගින් මූලික වශයෙන් සුලු ධනේශ්වරය භීතියට පත්කිරීමට මෙම ව්‍යාපාරය උත්සාහ කළේය. ඊට අමතරව, ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වෙනිසියුලාව, නිකරගුවාව සහ කියුබාව පිළිබඳ ගුප්ත ප්‍රශ්නවලින් බෝරික්ට පහර දුන් අතර, ඒ සඳහා බොරික් වඩාත් ආකර්ෂණීය ලෙස පිළිතුරු සැපයීමට අසමත් විය.

මහජනතාව එය දුටු අතර ඵලක් නොවීය. ‘පිනෝචෙට්වාදය’ ජනාධිපති ධුරයට පත්වීම නැවැත්වීමට ඇති එකම මාර්ගය ඔවුන්ගේ ඡන්දය බව දැන සිටි අතර, ඔවුන්ට වත්මන් ජනාධිපති පිනෙරාගේ කාලයද ප්‍රමාණවත් විය. ඔවුන්ගේ හැදිනගැනීම නිවැරදි විය, පවතින තත්වයන් යටතේ 2019 ඔක්තෝම්බර් මාසයේ සමාජ කැරැල්ලේ අරමුණු සහතික කිරීමට හොඳම ක්‍රමය කස්ට් සහ ඔහුගේ මාත්තු නොඅඩු pinochetismo brand “පිනෝචෙට්වාදය” සන්නාමය පරාජය කිරීම බව ඔවුන් දැන සිටියහ.

මැතිවරණ ව්‍යාපාරය දිගහැරෙද්දී, කස්ට් ඔහුගේ ඉතාමත් දරුණු පිනෝචෙට්වාදී ප්‍රකාශවලින් පසුබැස ගියද, ඔහු ජයග්‍රහණය කළහොත් ඒවා සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට ඔහු පසුබට නොවන බව ජනතාව දැන සිටියහ. කස්ට්, අහෝසි කලයුතු තවත් බොහෝ වටින දේ අතර, කාන්තා අමාත්‍යාංශය, සමලිංගික විවාහ, ගබ්සාව පිළිබඳ (ඉතාමත් සීමිත) නීතිය අහෝසි කිරීම, ඒකාධිපතිත්වයේ වින්දිතයන් සිහි කිරීමේ කෞතුකාගාරය සඳහා අරමුදල් සහ ගේබ්‍රියෙලා මිස්ට්‍රල් කලා, සාහිත්‍ය සහ රංග කලාව ප්‍රවර්ධනය සඳහා අරමුදල් ඉවත්කිරීම ජනාධිපති ලෙස ඔහුගේ අභිප්‍රාය ප්‍රකාශ කළේය. චිලීය ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසමෙන් ඉවත් කර ගැනීම, ජාතික මානව හිමිකම් ආයතනය වසා දැමීම, FLACSO (සමාජ විද්‍යාත්මක විමර්ශනයේ කීර්තිමත් ලතින් ඇමරිකානු මධ්‍යස්ථානය) හි ක්‍රියාකාරකම් නැවැත්වීම, උතුරු චිලීයේ (බොලිවියාව සහ පේරු දේශසීමාවේ) මහා වලක් ඉදිකර, නීතිවිරෝධී සංක්‍රමණ නැවැත්වීමට සහ පොලිස් ස්ථාන හෝ සිරගෙවල් හැර වෙනත් ස්ථානවල (එනම් පිනොචේගේ පව්කාර පොලිසියේ නීති විරෝධී ක්‍රියා පටිපාටි ප්‍රතිෂ්ඨාපනය කිරීමට) නීතිමය අධිකාරිය සමග ජනාධිපතිවරයාට බලය පැවරීම ඔහු සතු සැලසුම් විය.

මැතිවරණයේදී නිවැරදි විකල්පය කුමක් දැයි කිසි සැකයක් තිබුනේ නැත. කෙසේ වෙතත්, ඡන්දය නොදෙන ලෙස ඉල්ලා සිටි විවිධ අතිවාමාංශික විශ්ලේෂණවලින් කම්පනයක් ඊට පතිත වූහ. එක් අවස්ථාවකදී ‘කාස්ට් සහ බෝරික් අතර විශේෂ වෙනසක් නොමැති’ නිසා, සහ ඊටත් වඩා නරක ලෙස, තවත් අයෙකු යෝජනා කළේ ‘ෆැසිස්ට්වාදය සහ ප්‍රජාතන්ත්‍රවාදය අතර උභතෝකෝටිකය අසත්‍ය බවයි’. මොකද, චිලියේ ප්‍රජාතන්ත්‍රවාදය දෝෂ සහිත නිසාය. මැතිවරණ දිනයේදීම සන්තියාගෝ හි telesur වාර්තාකරුවෙකු චිලී ක්‍රියාකාරිකයෙකු සමඟ බෝරික්ට පහර දුන් සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වූ විට කම්පනයකට පත් වූයේ, එහි ප්‍රධාන පණිවිඩය වන “කවුරු දිනන්නේ වුවත්, චිලීය පරාදයි” යනුවෙනි. (telesur කළ එවැනි වගකීම් විරහිත පණිවිඩයත් සමඟ ලතින් ඇමරිකානු රටවල නායකයින් සහ ජනාධිපතිවරුන් මූලික වශයෙන් එකඟ නොවීය.)

1990-2021 කාලපරිච්ඡේදය තුළ වසර 24ක් ජාතිය පාලනය කළ මධ්‍ය-වාම කොන්සර්ටේෂන් සභාගය, නව ලිබරල් ක්‍රමය පවත්වා ගෙන යාමේ හා පරිපූර්ණ කිරීමේ භාරදූර වගකීමක් දැරීය, බොරික් සඳහා තම මනාපය විවෘතව ප්‍රකාශ කළ අතර, දෙවන වටයේදී ඔහු වෙත දැඩි ලෙස සහයෝගය ලබා දුන්නේය. . එබැවින්, කස්ට් සහ බොරික් අතර වෙනසක් නොමැති බව විශ්වාස කරන අය, එය කරන්නේ අතිවාම ස්ථාවරයකින් පමණක් නොව, බොරික්ට එම අපරාධය කිරීමට පවා තවමත් අවස්ථාවක් නොලැබුණත්, වරදකරු කිරීමෙනි.

මෙය අපව කේන්ද්‍රීය දේශපාලන ප්‍රශ්නයකට ගෙන එයි: 2019 ඔක්තෝම්බර් කැරැල්ල මගින් චිලී කම්කරු පන්තියට ගෙනදුන් එහි සියලු ආකර්ෂණීය ධනාත්මක ප්‍රතිවිපාක මොනවාද? චිලියේ පෙනෙන ආකාරය වන්නේ බලය සඳහා නොව (තවමත් පවතින) අරගලයයි, දශක ගණනාවක් තිස්සේ නව ලිබරල්වාදය ජීවිතයේ සත්‍යයක් ලෙස පිළිගැනීමට සිදුවීම (කෙසේ වෙතත්) පොදු ජනතාව වෙනුවෙනි. 2019 කැරැල්ල තෙක් විරුද්ධ වීමට පමණක් නොව නව ලිබරල්වාදයෙන් මිදීම සඳහාද පළමු මහජන බලමුලු ගැන්වීමද විය. කැරැල්ල පාලක පන්තියෙන් අසාමාන්‍ය සහන ලබාගත්තේය: පිනෝචේගේ පාලනය යටතේ ප්‍රකාශයට පත් කරන ලද 1980 ව්‍යවස්ථාව වෙනුවට නව ලිබරල් විරෝධී ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ කාර්යය නීත්‍යානුකූලව පවරා ඇති ව්‍යවස්ථාමය සම්මුතියක් සඳහා ජනමත විචාරණයක් පැවැත්වීමද එකකි.

2020 ඔක්තෝම්බර් මාසයේදී පිළිවෙළින් සියයට 78කින් සහ සියයට 79කින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යෝජනා කිරීම සහ සම්මුතියක් තෝරා ගැනීම ජනමත විචාරණයෙන් අනුමත විය.

මහජන කැරැල්ල ආන්ඩුවෙන් සහ පාර්ලිමේන්තුවෙන් වෙනත් සහන ද ලබා ගත්තේ, ඔවුන්ගේ විශ්‍රාම වැටුප් දායකත්වයෙන් සියයට 70 ක් පුද්ගලික ‘විශ්‍රාම වැටුප් පරිපාලකයින්ගෙන්’ ආපසු ලබා දීම වැනි, චිලී ජාතිකයින් දශක 3 කට වැඩි කාලයක් තිස්සේ සිදු වූ දැවැන්ත වංචාවක් නිවැරදිව දකිමිනි. මෙය චිලියේ මූල්‍ය ප්‍රාග්ධනයට දැඩි පහරක් එල්ල කර ඇත. ඉතිරි සියයට 30 හි සිව්වන ප්‍රතිලාභය සඳහා වූ යෝජනාවක් පාර්ලිමේන්තුවේ (2021 සැප්තැම්බර් අවසානය) ඉතා සුළු ඡන්ද ප්‍රමාණයක් නිසා අනුමත කිරීමට අසමත් විය.

ඉහත නිරූපිත ජවනිකාව හදිසියේ ජනාධිපතිවරණ ප්‍රතිඵල සමඟ ව්‍යාකූල විය, එහිදී කස්ට් (බෝරික්ට 25 ට සාපේක්ෂව සියයට 27 කින්) ප්‍රථමයෙන් එළියට ආවා පමණක් නොව, චිලියේ පාර්ලිමේන්තු සභා දෙක සඳහා නියෝජිතයින් සහ සෙනෙට් සභිකයින් තෝරා පත් කර ගන්නා ලදී. Apruebo Dignidad නියෝජිතයින් ඉතා හොඳින් ක්‍රියා කළද 37 ක් (155 න්) සහ සෙනෙට් සභිකයින් 5 ක් (50 කින්), දක්ෂිණාංශික Chile Podemos Más (ජනාදිපති පිනෙරේගේ ආධාරකරුවන්) නියෝජිතයින් 53 ක් සහ සෙනෙට් සභිකයින් 22 ක් ලබා ගත් අතර, පැරණි කොන්සටේෂන් සභාගයට 37 ක් සහ 17 ක් සෙනෙට් සභිකයින් හිමි විය.

මෙහි ගතිකත්වයන් කිහිපයක් ක්‍රියාත්මක විය. පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන්, ප්‍රාදේශීය බලපෑම් කර තේරී පත්වීමට පළපුරුදු දේශපාලනඥයන් සමඟ සම්ප්‍රදායික යාන්ත්‍රණයන් සහ පවතින සේවාදායක සබඳතා අදාළ විය. ඊට හාත්පසින්ම වෙනස්ව, තේරී පත් වූ සාමාජිකයින්ගෙන් බහුතරයක් තනි ගැටලු සදහා වූ ව්‍යාපාර ( ජලය පෞද්ගලීකරණය, ගෑස් මිල, උපයෝගිතා සමාගම් අනිසි ලෙස අවභාවිතා කිරීම, මාපුචේ මුතුන් මිත්තන්ගේ ඉඩම් ආරක්ෂා කිරීම, රාජ්‍ය දූෂණය) සහ ඒවා වටා සංවිධානය කරන ලදි.

වැදගත්ම කරුණක් වූයේ නව ව්‍යවස්ථාවක් සඳහා වන ව්‍යවස්ථා සම්මුතියට සහයෝගය දැක්වීමට සහ එකට වැඩ කිරීමට බෝරික්ගේ ජයග්‍රාහී කථාවේදී (දෙසැම්බර් 19) ඉදිරිපත් කල කැපවීමයි. පවතින නව ලිබරල්වාදී ආර්ථික මොඩලය ව්‍යවස්ථානුකූලව වෙනස් කිරීමේ ප්‍රයත්නයන්ට මෙය විශාල ශක්තියක් ලබා දී ඇත.

චිලී කම්කරු පන්තිය ආමන්ත්‍රණය කළ යුත්තේ ඔවුන්ගේ දේශපාලන නායකත්වයේ ඌනතාවයයි. 2009 දී මෙල් සෙලායා නෙරපා දැමූ කුමන්ත්‍රණයට එරෙහිව සටන් කිරීමට හොන්දුරාස් ජනතාවට තිබූ, ජනප්‍රිය ප්‍රතිවිරුද්ධ පෙරමුණක් (FNRP) වත් චිලීයට නැත. විවිධ සමාජ හා දේශපාලන ව්‍යාපාරවලින් සැදුම්ලත් FNPR, ලිබර්ටි පක්ෂය බවට පත්විය. රටේ ප්‍රථම කාන්තා ජනාධිපතිවරිය ලෙස ක්ෂියොමාරා කැස්ත්‍රෝ හොන්දුරාස් ජනතාව තෝරා පත්කරගැන්මට මේ වන විට සමත් වී ඇත. නව ලිබරල් විරෝධී ව්‍යවස්ථාවක් සඳහා දේශපාලන ධාරාවන්, සමාජ ව්‍යාපාර ඇතුලත් ජනතා පෙරමුණක් පිහිටුවීමට එක්වී ඇත.

සියල්ලට පසු, වසර දෙකක් තිස්සේ වීදි බැස පීඩාකාරී, නින්දාසහගත සහ සූරාකෑමේ නව ලිබරල් ආකෘතිය වළලා දැමීමට හා එය ප්‍රතිස්ථාපනය කළ යුත්තේ කුමකින්ද යන්න වඩාත් පැහැදිලි වෙමින් පවතී. සියලු අත්‍යාවශ්‍ය සේවාවන් සහ ස්වාභාවික සම්පත් ජනසතු කිරීමට ඉඩ සලසන නව ව්‍යවස්ථාවක් මත පදනම් වූ ක්‍රමයක් අවශ්‍ය ය. දූෂිතයින්ට දඬුවම් කිරීම, පාරම්පරික ඉඩම්වලට ආරක්ෂා කිරීම සහ යහපත් සෞඛ්‍ය, අධ්‍යාපනය සහ විශ්‍රාම වැටුප් සහතික කිරීම. එතැනට යා යුතු මාර්ගය දිගටම දුෂ්කර සහ ගැටලු සහගත වනු ඇත, නමුත් අපි ජනතාව දිනාගෙන ඇත; දැන්, දයාන්විත රජයක් ක්‍රියාත්මක වන විට, රාජ්‍යයේ පරිවර්තනය දියත් කර වඩා හොඳ චිලීයක් ගොඩනගා ගත හැකිය.

ජයන්ත වැලිවිට



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More