ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක සභාවේ පෝලන්ත කමිටුවේ ලේකම් සේනක රාජපක්ෂ මහතා පෙරේදා(21) නුගේගොඩදී පැවැති මාධ්‍යය සාකච්ඡාවකට සහභාගි වෙමින් පවසා සිටියේ බෙදුම්වාදී යුද්ධය අවසන් කිරීමට දායක වූ රණවිරුවන් ජාත්‍යයන්තර අධිකරණයට රැගෙන යාමට එරෙහිව විදේශයන්ගේ සිට කටයුතු කළ දේශප්‍රේමීන් කොටු කර ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මකව ඇති බවයි. එහි පළමු ගොදුර ලෙස “ලන්ඩන් ඉනීෂියේටිව්” සංවිධානයේ ක්‍රියාකාරීව කටයුතු කළ ජෙයරාජ් පලිහවඩන මහතා සිය “ෆේස් බුක්” ගිනුමේ තබන ලද සටහනක් හේතුවෙන් එංගලන්ත අධිකරණයක නඩු පවරා ඇති බව අනාවරණය කරණු ලැබීය. ඔහු වෙනුවෙන් ගෙවිය යුතු විශාල වන්දි මුදල ගෙවීමට ආණ්ඩුව සහ දේශප්‍රේමී ව්‍යාපාරිකයන් මැදිහත් විය යුතු බවද ඒ මහතා අවධාරණය කරණු ලැබීය. මෙම අසාධාරණ නඩුව දිනිය යුතු වන්නේ එසේ නොවුනහොත් විදේශගත දේශප්‍රේමී ශ්‍රී ලාංකික ජනයා තුළ ඇති ජාති මාමක හැඟීම අධිකරණ ක්‍රියාමාර්ග මගින් යටපත් කිරීමට දෙමළ ඩයස්පෝරාව කටයුතු කිරීමට පෙළෙඹෙන බැවින් යනුවෙන් ඒ මහතා පවසා සිටියේය. අද ජේයරාජ්ගෙන් ආරම්භ වන මෙම මර්ධන රැල්ල හෙට දවසේඉ තවත් ශ්‍රී ලාංකික දේශප්‍රේමී ජනයා වෙත එල්ල වීමට නියමිත බවද ඒ මහතා වැඩි දුරටත් පවසා සිටියේය.
මේ අවස්ථාව සඳහා ගෝලීය ශ්‍රී ලාංකීක සංසදයේ විධායක සභාවේ ලේකම් යසස් ධර්මදාස ,ප්‍රීමාල් ප්‍රනාන්දු සහ ජාතික ස\විධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බණ්ඩාර යන අයද සහභාගි විය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...