දේශීය පුවත්

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මාධ්‍යය වෙත අදහස් දක්වමින් කවුරු මොන යෝජනා ඉදිරිපත් කළ ද ණය ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නොයන බව අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ වෙනස් ආකාරයකට ණය කළමනාකරණය කරගත හොත් ප්‍රශ්නයක් ඇති නොමැති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලබා ගැනීමට මේ මොහොතේ යාම ලොකු අවදානමක් බවත් රටේ ආර්ථික ප්‍රශ්නය මූල්‍ය අරමුදලට නොගොස් කළමනාකරණය කරගත හැකි බවත්ය.
“ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි වලට යටත් වී ණය ලබාගැනීම තේරුමක් නැති වැඩක් . ජාත්‍යයන්තර මුල්‍යය අරමුදලට ගිය පමණින් මෙරටට ආයෝජකයන් හෝ සංචාරකයන් පැමිණෙන්නේ නැහැ.මේ මොහොතේ මුල්‍ය අරමුදල වෙත ගිය හොත් පොලී අනුපාත වැඩිකිරීම, රුපියල පාවෙන්න ඉඩ දීම, රටේ සම්පත් විකිණීම, වැටුප් කප්පාදුව ආදී කොන්දේසි ඉදිරිපත් කිරීමට ඔවුන් කටයුතු කරනවා.ඇතිව තිබෙන තත්ත්වය හමුවේ මට ආතතියක් ඇතිවී තිබෙනවා. නමුත් මම එම ආතතිය සතුටු සිතින් විඳ දරා ගන්නවා.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More