මෙරට තේ ඉරානයට අපනයනය කිරීමට පහසුකම් සැලසීම සඳහවන අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ හා ඉරාන ඉස්ලාමීය ජනරජයේ කර්මාන්ත, පතල් සහ වෙළඳ නියෝජ්‍ය අමාත්‍ය Alireza Paymanpak මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් විදේශ අමාත්‍යංශයේදී සිදුවිය.
2016 වසර වනවිට ඉරාන වෙළඳපොලේ සියයට 47ක් පමණ හිමිකරගෙන සිටි ලංකා තේ කර්මාන්තය 2020 වසර වනවිට සියයට 25 දක්වා පහත වැටුණි. ගෙවීමේ ගැටළු, ඉරාන රියාල් ක්ෂයවීම වැනි ගැටළු ඒ සඳහා ප්‍රධාන වශයෙන් බලපානු ලැබීය.
වර්ෂ 2012 නොවැම්බර් මස ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉරානයට සම්බාදක පැනවීමත් සමඟ බැංකු පද්ධතිය හරහා මුදල් ගෙවීමට පිළිගත් යාන්ත්‍රණයක් නොමැතිවිය. ඒ හේතුවෙන් ශ්‍රී ලංකා තේ අපනයනකරුවන්ට ඉරාන ගැනුම්කරුවන්ගෙන් මුදල් ලබාගැනීම අපහසුවිය. මේ හේතුවෙන් වර්තමානය වනවිට අතරමැදි රටවල් හරහා ගෙවීම් සිදුවන අතර එයද බොහෝ බාදාකාරී තත්ත්වයන් ඇති කරයි.
මෙම අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම මගින් ලංකා තේ වැඩිවශයෙන් ඉරානයට අපනයනය කිරීමට හැකියාව ලැබෙන අතර එමඟින් ලංකා ඛනිජ තෙල් සංස්ථාව (cpc) විසින් ජාතික ඉරාන තෙල් සමාගමට (NIOC) දිගුකාලීනව ගෙවීමට ඇති ඇමරිකානු ඩොලර් 250,925,169 ක දිගුකාලීන ණය පියවීම සඳහා යාන්ත්‍රණයක් සැකසීමටද මෙම අවබෝධතා ගිවිසුම මගින් යෝජනාකර ඇත.
එම ණය මුදල් රුපියල් වලින් ගෙවීමට ද මෙමගින් යෝජනාවී ඇති බැවින් මෙම ක්‍රියාවලිය හරහා මෙරටතුළ විදේශ මුදල් ඉතිරි කෙරෙනු ඇත.
මෙහිදී අදහස් දක්වමින් වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කර සිටියේ පසුගිය දශක කිහිපය තුල ලංකා තේ ආනයනය කරනු ලබන ප්‍රධාන රටවල් පහ අතර ඉරානය ද සිටින බවයි. එමෙන්ම මෙරට තේ කර්මාන්තයේ සංවර්ධනය වෙනුවෙන් ඉරානය සෑම මොහොතකදීම නිර්ලෝභීව උදවුකළ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ ඉතා උසස් ගුණාත්මක බවින් වැඩි තේ අපනයනය කිරීමෙන් මෙරටට වැඩි වශයෙන් විදේශ විනිමය උපයාගත හැකි බවයි. එවැනි උසස් ගුණාත්මක තේ අස්වැන්නක් ලබාගැනීමට සාම්ප්‍රධායික ක්‍රමවේදවලින් ඔබ්බට ගොස් තාක්ෂණික දැනුම සමඟ තේ වගාකිරීමට ජනතාව පෙළඹිය යුතු බව කී අමාත්‍යවරයා ඒ සඳහා අවශ්‍ය මඟ පෙන්වීම තම අමාත්‍යංශය හරහා සිදුකරන බවද සඳහන් කළා. එමෙන්ම තේ වගාවට කැමැති ඕනෑම අයකුට ලබන වසරේදී තේ පැල නොමිළයේ ලබාදීමට තම අමාත්‍යංශය වැඩපිළිවෙලක් සකස්කර තිබෙන් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කලා.
කනක හේරත්, තාරක බාලසූරිය යන රාජ්‍ය අමාත්‍යවරුන්ද, ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති හසීම් අස්ජසාඩේ, වැවිලි අමාත්‍යංශයේ ලේකම් රවින්ද්‍ර හේවාවසම්, රාජ්‍ය අමාත්‍යංශ 4ලේකම්වරුන්, ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති ජයම්පති මොල්ලිගොඩ,ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ අධ්‍යක්ෂිකා (ප්‍රචාරණ) පවිත්‍රි පීරිස් මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
මාධ්‍ය ඒකකය
වැවිලි අමාත්‍යාංශය
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...