මොන ප්‍රශ්න බාධක ආවත් කුසගින්නේ හිටියත් සිංහයන් තණකොළ නොබුදින බව කවුරු කවුරුත් මතක තබා ගත යුතු යැයි කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති, නාරාහෙන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියෝ පැවසූහ.
උන්වහන්සේ මෙසේ පැවසුවේ කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයේදී ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් ආනන්ද හිමියන් අතින් උපාධි සහතිකය ලබා ගැනීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන්
අප කළ විමසුමකදීය.
තමන් වහන්සේ අතින් උපාධි සහතිකය බාර ගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම ඒ දරුවන්ට ඇති අයිතියක් හෙයින් ඒ ගැන අහිතක් නැතැයිද ආනන්ද හිමියෝ සඳහන් කළහ.
කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වීමට බලාපොරොත්තු නොවන බවද උන්වහන්සේ කීහ.
කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය එහි කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගිය 17 18 සහ 19 (පෙරේදා) පැවැත්වුණු අතර මේ සිද්ධිය ඇතිවූයේ එහි එක් අවස්ථාවකදීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...