දේශීය පුවත්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකුම එම පක්ෂයේ මන්ත්‍රීවරයෙකුට පහර දීමේ සිද්ධියක් මහනුවරින් වාර්තා වෙනවා.

එම සිද්ධිය වාර්තා වන්නේ මහනුවර මහ නගර සභාවේ අයවැය ඡන්ද විමසීමේ අවස්ථාවේදීය.

මහනුවර මහ නගර සභාවේ 2022 වසර සඳහා වන අයවැය ඡන්ද විමසීමකින් තොරව ඊයේ (21) සම්මත වුණා.

විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම ඊයේ (20) රැස්ව කොවිඩ් තත්ත්වය සැලකිල්ලට ගෙන අයවැයට සහයෝගය ලබා දීමට තීරණය කර තිබෙනවා.

අයවැය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු අදහස් පළ කිරීමෙන් පසු අවසන් කතාව සම්ප්‍රදායානුකූලව සිදු කරනු ලබන්නේ විපක්ෂනායකවරයා විසිනි.

ඒ අනුව විපක්ෂ නායක සේන දිසානායක මහතා කතාව අවසන් කිරීමත් සමඟ අයවැය සම්මත වූ බව නගරාධිපති කේසර සේනානායක මහතා නිවේදනය කරත්දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී ධම්මික පේරේරා මහතා අදහස් දැක්වීමට ඉදිරිපත් වීම නිසා සභාවේ දැඩි උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

ධම්මික පෙරේරා සමඟ මන්ත්‍රීවරු කිහිප දෙනෙකු වචන හුවමාරු කරගන්ත්දී පොදුජන පෙරමුණේ මන්ත්‍රී ආනන්ද සනත් කුමාර මහතා ඊට මැදිහත් වුණා. එම අවස්ථාවේ ධම්මික පෙරේරා මහතා විසින් ආනන්ද සනත් කුමාර මහතාට ප්‍රහාරයක් එල්ල කිරීම නිසා සභාවේ දැඩි නොසන්සුන්කමක් හා උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

සිද්ධියෙන් පසු ආනන්ද සනත් කුමාර මහතා මහනුවර පොලීසියට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබෙනවා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More