දේශීය පුවත්

ඡන්දයක් නොවිමසා 2022 වසර අයවැය සම්මත වූවා යැයි කියමින් නගර සභාවේ සභාපති අරුණ ප්‍රදීප් මහතා නැගිට යාමත් සමග අද(22) පැවති අම්බලන්ගොඩ නගර සභා අයවැය සභා රැස්වීම දැඩි උණුසුම් වී ඇත.

සභාපතිවරයා එසේ නැගිට යාමත් සමගම මේ සභා රැස්වීමට පැමිණි අම්බලන්ගොඩ නගර සභාවේ නිලධාරිනියන්ට සභා ගර්ඹයෙන් පිටව යානොදී සිය අත් අඩංගුවේ තබා ගැනීමට සභා රැස්වීමට සහභාගීවූ මන්ත්‍රීවරියන් පියවර ගෙන ඇත.එමෙන්ම එයින් නොනැවතුණු ඔවුහු අම්බලන්ගොඩ නගර සභාවේ ලේකම්වරියගේ නිල කාමරයද විපක්ෂයේ මන්ත්‍රීවරු වටලා කෑකෝ ගැසූහ.

එහිදී ඇතිවූ තත්ත්වය සමතයකට පත් කිරීමට අම්බලන්ගොඩ පොලීසියද කැදවා තිබූ අයුරු දක්නටද ලැබිණ.

සිය නගර සභාවේ සභාපතිවරයා අයවැය සදහා චන්දයක් ඉල්ලූවිට එය ලබා නොදී මෙසේ පැනයාම තමන්ද අනුමත නොකරන බව පාලක පක්ෂයේ මන්ත්‍රීවරු කිහිපදෙනෙක්ම අප සමග අදහස් දැක්වූහ.

ඒ මෙවර මෙන්ම පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ දැඩි විරෝධය මධ්‍යයේය. එම වසරේ අයවැය සදහා චන්දයක් ලබාදෙන ලෙස ඉල්ලා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් බලපිටිය මහාධිකරණයේ නඩුවක්ද ගොනු කොට තිබෙන අතර එය මේ වනවිට විභාගවෙමින් පවතී.

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More