ලබන 29 වනදා සිට ඉන්ධන මිල ඉහළ යාමට සමගාමීව බස් ගාස්තු වැඩිකරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. බස් ගාස්තු ඉහළ නැංවීම පිළිබඳව රාජ්‍ය අමාත්‍යවරයා සහ පෞද්ගලික බස් හිමියන්ගේ සංගම් සමඟ අද පැවති සාකච්ඡාවකින් අනතුරුව අමාත්‍යයවරයා මේ බව පැවසුවේය.
ඒ අනුව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපතිවරයාට බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අදාළ කටයුතු සිදුකරන ලෙස ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා දැනුම් දී ඇති බව වාර්තාවේ.
මේ අතර, අන්තර් පලාත් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අනාවරණය කළේ, පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තු 20% කින් ඉහළ නැංවීමට කටයුතු කරණ බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...