හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට මෙරට ජනාධිපතිවරයා වීමට ඇමරිකාව ඇතුළු බටහිර රටවල් කිසිලෙසකින් ඉඩ නොතබන බව මෙරට ඇමරිකානු තානාපති අතුල් කේෂප් සඳහන් කර ඇති බව පසුගිය දිනවල මාධ්‍ය වාර්තා පළවී තිබුණි.
පසුගිය 10 වනදා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හමුවූ අවස්ථාවේ ඇමරිකානු තානාපතිවරයා මෙලෙස අදහස් පලකල බවත්,ගෝඨාභය රාජපක්ෂ මහතා මැතිවරණයටකට ඉදිරිපත්වීම හෝ මෙරට ජනාධිපතිවරයා බවට පත්වීම කිසි ලෙසකින් පිළිනොගන්නා බවත් එහිදී සඳහන් වී තිබුණි.
පසුව මෙම පුවත සාවද්‍ය බව කියමින් මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබූ නමුත්, ඇමරිකානු තනාපති කාර්යාලයෙන් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොතිබුණි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ට්විටර් පරිශීලකයෙකු කළ විමසීමකට සිය නිළ ට්විටර් ගිණුම ඔස්සේ පණිවුඩයක් ලබාදෙමින් ඇමරිකානු තානාපතිවරයා සඳහන් කර ඇත්තේ ‘නිවැරදි නොවන සෑම පුවතකට ප්‍රතිචාර දක්වන්නට ගියහොත් අනෙක් දේවල් වලට වැය කිරීමට ඉතුරුවන්නේ කුඩා කාලයක් බවයි‘…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...