ඊයේ(21) කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් ගරු සිරිල් ගාමිණී පියතුමා චෝදනා කර සිටියේ දේශපාලන වුවමනා වෙනුවෙන් පාස්කු ප්‍රහාරයේ විමර්ශන යට ගසමින් ආණ්ඩුව සත්‍ය සැඟවීමේ උත්සහයක නිරතවන්නේ යැයි සැකයක් මතුවන බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගරු සිරිල් ගාමිණී පියතුමා,,
“ඇයි ඇත්ත හෙළිදරව් කරගන්න උත්සහ කරගන්නේ නැත්තේ. ඒක වහන්න උත්සහ කරන්නේ ඇයි ? මේවා විමර්ශනය නොකරන්නේ කාව ආරක්ෂා කරන්න ද? අපි කියමු හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට වගකියන්න ඕන කියලා, බොහොම පැහැදිලි නිර්දේශයක් තිබෙනවා. ඔහුට විරුද්ධව අපරාධමය නඩුවක් පවරන්නට ඕනෙ කියලා. ඒක නිර්දේශයක්. පළමු නිර්දේශය ඒ කොමිෂන් සභාවේ. ඊට පස්සේ රජයේ වගකිවයුතු අමාත්‍යවරයෙක් කියනවා. මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා මේ පාස්කු ප්‍රහාරයට වගකියන්න ඕනේ කියලා. එතකොට ආණ්ඩුව සහ Cඓඪ්එක කරන්න ඕනේ මේක විමර්ශනය කරන එක. ඒ වගේම ආණ්ඩුව සහ නීතිපතිවරයා කරන්නට ඕනේ මේ ජනාධිපති කොමිෂන් සභාවේ තිබෙන නිර්දේශ ක්‍රියාත්මක කරන එක. ඉතින් ඒක කරන්නේ නැහැනේ. එතකොට අපිට හිතෙන්නේ මේවා මේ සම්බන්ධතා තියාගෙන ඉන්නවා කියලා.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...