දේශීය පුවත්

ඊයේ(21) නුගේගොඩදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමින් ගෝලීය ශ්‍රී ලාංකික සංවිධානයේ නියෝජිත්යන් පවසා සිටියේ බෙදුම්වාදී යුද්ධයේ අවසන් සටනට සහභාගි වූ රණවිරුවන් 57 දෙනෙකුට එරෙහිව යෂ්මින් සූකා විසින් යුද අපරාධ චෝදනා ඉදිරිපත් කර ඇති බවත් වත්මන් යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාට එරෙහිව පමණක් පිටු 137කින් යුතු වාර්තාවක් මගින් යුද අපරාධ චෝදනා එල්ල කර ඇති බවත්ය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා “මේ වන විට ශ්‍රී ලංකාවේ ආණ්ඩුව 30/1 යෝජනාවෙන් ඉවත් වෙලා තියෙනවා. පසුගිය දා පැවති ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී 46/1 යෝජනාවට එරෙහිව ශ්‍රී ලංකාව ඡන්දය ප්‍රකාශ කළා. කෙසේ වුවත් යෝජනාව සම්මත වුණා. ඒ යෝජනාවේ වගන්ති මේ වෙන විට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. එහි ප්‍රධාන යෝජනාවක් වන්නේ ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවට එරෙහිව චෝදනා ගොනු කිරිම සහ ඊට අදාල සාක්ෂි ගොනු කිරීම සඳහා ජාත්‍යන්තරව පිලිගත් යාන්ත්‍රණයක් පිහිටුවීම. දැන් දරුස්මාන් කමිටුවට ඉදිරිපත් වූ චෝදනා ඒ වගේම ඒ කමිටුවේ යස්මින් සුකා ජාත්‍යයන්තර යුක්තිය සහ සාමය ව්‍යාපෘතිය මගින් දියත් කරපු ඒ ක්‍රියාවලිය මගින් එකතු කරපු සාක්ෂි වලට අනුව යස්මින් සුකා කියනවා ශ්‍රී ලංකාවේ යුද්ධයට දායක වූ ආරක්ෂක හමුදාවේ නායකයින් 57 දෙනකුට විරුද්ධව ඇය සතුව චෝදනා තියෙන බව. මෑත කාලීනව ඇය පවසා තිබුනා මේ වන විට හමුදාපති ලෙස කටයුතු කරන ශවේන්ද්‍ර සිල්වා මැතිතුමාට විරුද්ධව පිටු 137 ක චෝදනා ගොනු කරලා තියෙන බව. නමුත් මේ චෝදනා වලට ජාත්‍යන්තර අධිකරණ බලය යටතේ වලංගුභාවයක් නැහැ. ඒනිසා මේ සියල්ලටම වලංගු භාවය ලබා ගැනීම සඳහා තමයි මේ කියන ජාත්‍යන්තර යාන්ත්‍රණය පිහිටුවන්නේ.ඒ වාර්තාව නිකුත් වෙච්ච ගමන් වාර්තාවේ තියෙන සාක්ෂි සියල්ල පදනම් කරගෙන විවිධ රටවල තියෙන නීතීන් යටතේ 46/1 යෝජනාවෙන් ඉල්ලා හිටපු ආකාරයට ජාත්‍යන්තර අධිකරණ බලය ක්‍රියාත්මක් කරන්න පුළුවන්. නමුත් මේ වෙලාවේ එතනින් ඉදිරියට යන්නේ කොහොමද කියන කාරණය සම්බන්ධයෙන් ආණ්ඩුවට ගැඹුරු අවබෝධයක් නැති බව පේනවා.ආණ්ඩුව මේ සම්බන්ධව කිසිදු පියවරක් නොගෙන ඉන්න තත්ත්වයක් යටතේ ශ්‍රී ලංකාවේ හමුදා නායකයන් පනස් හත් දෙනා වෙනුවෙන් පෙනී සිටී ජයරාජ් පලිහවඩන වගේ අයව හිරකරන්න ජාත්‍යන්තර බලවේග වලට අවශ්‍යය වුණා. ඒ අනුව ප්‍රධානම පියවරක් ලෙස එංගලන්තයේ නීතිඥ ජයරාජ් පලිහවඩන මහතාට එරෙහිව නඩුවක් පවරා තිබෙනව. එතුමා ශ්‍රී ලංකාවේ රජය වෙනුවෙන් නඩුව ඉල්ලා අස් කර ගත්තෙ නෑ. තමන්ට පුද්ගලිකව මුහුණ දෙන්න වෙන තත්වය ගැන නොසලකා රට වෙනුවෙන් සෘජුව පෙනී හිටියා. ආරක්ෂක හමුදාවේ නිලධාරීන් වෙනුවෙන් පෙනී හිටියා. ඒ නිසා දැන් එතුමාට විශාල මුදලක් අධිකරණ ගාස්තු ලෙස ගෙවන්න වෙලා තියෙනවා. ඊළඟ පියවර ලෙස ශ්‍රී ලංකා රජය වෙනුවෙන් පෙනී හිටින විවිධ ශ්‍රී ලාංකික සංවිධානවල නායකයින් ඉලක්ක කරලා එවැනි නඩු පැටලුවහොත් ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය නතර වෙනවා. එතකොට ඒ සටන් පෙරමුණේ ශ්‍රී ලංකාවට එරෙහිව විශාල අවාසියක් සිදු වෙනවා. දැන් අලුත්ම තත්වය ආණ්ඩුව නිදාගෙන ඉන්න මේ වෙලාවේ අමෙරිකානු කොන්ග්‍රස් මණ්ඩලය පත්කරපු ටොම් ලැන්ටොක්ස් මානව හිමිකම් කොමිසම මගින් රණවිරුවන් 57දෙනාගෙන් 27 දෙනෙකුටම එරෙහිව අදාළව සාක්ෂි ඉදිරිපත් කර තිබෙනවා.”

මේ අවස්ථාව සඳහා ගෝලීය සංසදයේ විධායක සභාවේ ලේකම් යසස් ධර්මදාස ගෝලීය සංසදයේ විධායක සභාවේ පෝලන්ත කමිටුවේ ලේකම් සේනක රාජපක්ෂ සහ ප්‍රීමාල් ප්‍රනාන්දු යන අය සහභාගී විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More