දේශීය පුවත්

වසර හැත්තෑතුනක් තිස්සේ බලලෝභී දේශපාලනය විසින් විනාශයේ පතුලටම ඇද දමා ඇති මේ රට භාර ගැනීමට සහ… හැදීමට තමා ප‍්‍රමුඛ ජාතික ජන බලවේගය සූදානම් බව එම බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (20 වැනිදා) පැවසීය.

ඒ සඳහා වන අවංක, සද්වුවමනාවක් සිය බලවේගයට ඇති බව කී හෙතෙම එහි කිසිදු පෞද්ගලික වුවමනාවක් නැති බවත්, පළමුව රට ගොඩනැගීමට අදූෂිත දේශපාලනයක් අවශ්‍ය අතර, මෙරට අදූෂිතම බලවේගය වන ජාතික ජන බලවේගයට පමණක් එය කළ හැකි බවත් කීය.

ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ දූෂිතයන්ට දඬුවම් දෙනවා පමණක් නොව ඔවුන් උපයාගත් දේපළ යළි පවරා ගන්නා බව ද අවධාරණය කළ අනුර කුමාර දිසානායක මහතා එය සහතික වශයෙන්ම සිදු කරන කටයුත්තක් බව ද කීවේය.

පැරණි සම්ප‍්‍රදායික දේශපාලන කඳවුරට මේ රට ගොඩනැගීමට කිසිවක් කළ නොහැකි බව ඔප්පු කර හමාර බවත්, මේ රට කඩාවැටීමට ලක් විය යුතු රටක් නොවන බවත් පැවසූ අනුර කුමාර දිසානායක මහතා සාමූහික ප‍්‍රයත්නයක් වෙනුවෙන් මානුෂීයවාදී කැප කිරීම් සහ පරිත්‍යාගයන් කරන මිනිසුන් එකතුවකින් පමණක් මේ රට ගොඩ නැගිය හැකි බවත් එය ඉටු කිරීම සඳහා ජාතික ජන බලවේගය සූදානම් බවත් සඳහන් කළේය.

අදූෂිත දේශපාලනයත්, සමාජයේ සාමූහික මැදිහත් වීමත් යන මූලික කරුණු ද්විත්වය රට ගොඩනැඟීම සඳහා අවශ්‍ය බවත් ඒ මත ගොඩනැගෙන ආර්ථික වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කිරීමට දැක්මක් සහ වැඩපිළිවෙළක් ජාතික ජන බලවේගය සතු බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.

ජාතික ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ එම අදහස් පළ කළේ එම ජාතික ජන බලවේගයේ නියෝජිත සමුළුව ශ‍්‍රී ජයවර්ධනපුර මොනාක් ඉම්පීරියල් සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති අවස්ථාවේදීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More