ඊයේ(20) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍යය සාකච්ඡාවකට සහභාගිවෙමින් ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක රාජ්‍යය අමාත්‍යය ජයන්ත සමරවීර මහතා පවසා සිටියේ ජාත්‍යන්තර අපරාධ නීතිය අනුව ජනසංහාරය නැමැති වරද ඇතුළු අපරාධ වරද රැසකට චෝදනා ලැබ ඇප මත නිදහස්ව සිටින වෛද්‍ය සාෆි සහබ්දීන් හිග වැටුප් සහිතව යළි සේවයේ පිහිටුවීමට සෞඛ්‍ය අමාත්‍යංශය ගනු ලැබූ තීරණය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජයන්ත සමරවීර මහතා, පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවෙකු අත් අඩංගුවට ගෙන පරීක්ෂා කිරිමේදී ඔහු සතුව බැංකු කාඩ් පතක් තිබුණ බවත් එම බැංකු කාඩ් පතෙහි හිමිකරුවා වෛද්‍යය සාෆි සහබ්දීන් බවට තහවුරු වූ බවත් පවසා සිටියේය. මෙම පරීක්ෂණ වල ප්‍රගතිය අනුව 2019 මැයි 24 වනදා මොහොමඩ් සාෆි සහබ්දීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත් අඩංගුවට ගත් බවත් ජයන්ත සමරවීර මහතා අනාවරණය කර සිටියේය.
එහිදී අමාත්‍යයවරයා, මොහොමඩ් සාෆි සහබ්දීන් සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ කිරීමේදී සිංහල මව්වරුන් වඳභාවයට පත් කිරීමට අදාළ චෝදනා එල්ල වූ බවත් ඔහු මුදල් විශුද්ධිකරණය, ත්‍රස්ත කල්ලියක සමාජිකයෙකුවීම සහ ජනසංහාරය නැමැති වරදට චෝදනා ලැබූවෙකු බවත් පැවසුවේය.
එහිදි ජයන්ත සමරවීර මහතා අවධාරණය කරණු ලැබුවේ රාජිත සේනාරත්න මහතාගේ පදයට අනුව නැටවුනු එවකට සෞඛ්‍යය අමාත්‍යාංශයේ පරිපාලන නිලධාරින්ගේ අවතාර තවමත් සෞඛ්‍යය අමාත්‍යාංශය තුළ ක්‍රියාත්මක බවයි.
වර්තමාන සෞඛ්‍ය ලේකම්වරයා රණවිරුවෙක් මෙන්ම මානුෂීය හැඟීම් ඇති අයෙක් බවත් ඔහුගේ මානුෂීය හැඟීම් භාවිත කොට මෙතෙක් සාෆි සහබ්දීන්ගේ සිද්ධිය අවුල් ජාලයක් කොට ඔහුව නිදහස් කොට ඉස්ලාම් අන්තවාදය ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරණ අදෘෂ්‍යයමාන හස්තය ක්‍රියාත්මක බවද චෝදනා කළේය. හිටපු සෞඛ්‍යය අධ්‍යයක්ෂ ජනරාල් වසන්තා පෙරේරා ලවා සාෆි සහබ්දීන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට කුමන්ත්‍රණකාරී ලෙස වැලැක්වූ සෞඛ්‍යය අමාත්‍යාංශයේ පාලන ලේකම් එම් බී එල් රහුමාන් මහතා මෙම ක්‍රියාදාමය පිටුපස සිටිනවාදැයි සැකයක් පැන නගින බවද පවසා සිටියේය.
සම්පූර්ණ වීඩියෝව පහතින්…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...