විදේශ පුවත්

චිලියේ සමාජවාදය ජය ගනී !

December 20, 2021 9:19 pm | Lanka Lead News

1973 සැප්තැම්බර් 11 වැනිදා ලෝක ඉතිහාසයේ හා මානවාදයේ විශාල කළු පැල්ලමක් ඇති කරමින් එරට ඡන්දයෙන් පත් වූ ජනාධිපති සැල්වදෝර් අයන්ඩේගේ සමාජවාදී රජය ඇමරිකානු (CIA) සහය ලැබූ ජෙනරල් පිනෝෂේ හමුදා කුමන්ත්‍රණයකින් පෙරලා දමනුයේ 20,000කට අධික ජනතාවක් මරා දමමිනි. ඉන්පසු කාලය තුල පිනෝෂේ ගේ මරණෙන් පසුවත් චිලී රාජ්‍යය පාලනය කරනුයේ ඒකාධිපති ව්‍යවස්ථාවක්, ලිබරල් ආර්ථිකයක් හා හමුදා මානසිකත්වයක් මත ගොඩ නැගුනු සමාජයක් තුලය. ඊයේ (19) අවසන් වූ එරට ජනාධිපතිවරණයෙන් චිලී ජනතාව තීරණය කරනු ලැබුවේ තවදුරටත් එම පසුගාමී සමාජය සමග ඉදිරියට යනවාද නැතහොත් සැමටම සමානාත්මතාවය ලැබිය හැකි අවම හෝ නවීන ප්‍රගතිශීලි සමාජයක් වෙත පියවර තබනවාද යන්න තෝරා ගැනීමටයි.

ඒ අනුව ඊයේ පැවැත්වූ චිලී ජනාධිපතිවරනයෙන් චිලි ජනතාව තෝරා ගනු ලබනුයේ වඩාත් ප්‍රගතිශීලි හා නවීන සමාජයක් සඳහා වැඩපිළිවෙලක් ඉදිරිපත් කල වාමාංශික පෙරමුණේ අපේක්‍ෂක Gabriel Boric ඇතුළු කොමියුනිස්ට් පක්‍ෂ කණ්ඩායමයි. එහිදී හිටපු ඒකාධිපති පිනෝෂේ ගේ ව්‍යවස්ථාව තව දුරටත් පවත්වාගෙන යාම සඳහා සටන් කල José Antonio Kast(44%) හට අන්ත පරාජයක් හිමි විය. ඒ අනුව වමේ අපේක්‍ෂක Gabriel Boric 56%ක් ලබා ගනිමින් මෙම ජනාධිපතිවරණයෙන් විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට සමත් වී ඇත.

Gabriel Boric තම දේශපාලන වැඩපිළිවෙල තුලින් නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම, සමස්ථ දකුණු ඇමරිකාවේ නව ලිබරල්වාදයේ තිඹිරිගෙය ලෙස සැලකෙන චිලියේ ආර්ථික මොඩලය වෙනස් කොට සැමටම ආර්ථික ලාභ සමානව බෙදීයන සමාජයක් බිහි කිරීම, සෞඛ්‍යය හා අධ්‍යාපනය, විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා මේ දක්වා සිදුවන පුද්ගලික අංශයේ මැදිහත් වීම අවසන් කිරීම වැනි ප්‍රගතිශීලි යෝජනා රාශියක් ඉදිරිපත් කර ඇත.

“කල නොහැකි දේ කෙසේ හෝ කරමු” යන ආර්ජන්ටියානු විප්ලවාදියෙකු වූ අර්නස්ටෝ චේගුවේරාගේ සටන් පාථය Gabriel Boric ගේද ඉතා කුඩා අවධියේ සිට තම ශීර්ෂ පාථය ලෙස ඔහුගේ නිදන කාමරයේ අලවා තිබුණු බව ඔහුගේ දෙමව්පියන් පවසයි. 2011-2012 කාලය තුලදී එරට ශිෂ්‍ය ව්‍යාපාරයේ සභාපති වරයා බවට පත්වන Gabriel Boric අධ්‍යාපනය පුද්ගලිකකරණයෙන් මුදා ගැනීමට දැවැන්ත අරගලයකට නායකත්වය දුන් ශිෂ්‍ය නායකයෙකු විය. මෙම මැතිවරණයේදී Gabriel Boricහට ලොව පුරා වාමාංශික චින්තකයින් වන Noam Chomsky, Jeremy Corbyn, Naomi Klein ගෙන් මෙන්ම ලිබරල් දාර්ශනිකයෙකු ලෙස සැලකෙන Slavoj Zizekහි සහයද හිමිවී තිබිණි.

1973 දී හමුදා කුමන්ත්‍රණයකට සහය දී දැවැන්ත භිෂණයක් දියත් කල චිලියේ ජනාධිපතිවරණයට යම් හෝ මැදිහත් වීමක් සිදුකිරීමට මෙවර ඇමරිකාව ඉදිරිපත්වීමක් දක්නට නොවූ අතර José Antonio Kast 1934-1948කාලයේදී නාසිවාදී ජර්මන් ජාතිකයෙකු වූ ඔහුගේ පියාගේ නාසිවාදයත්, එසේම පිනෝෂේ හා හිට්ලර් ඇතුළු කලාපයේ රටවල පාලන බලය හෙබවූ සියළු ඒකාධිපතිවාදයන් කරපින්නාගෙන යාම හා ඔවුන්ගේ පැසිස්ට්වාදයන් අගයකිරීම නිසාත් José Antonio Kast වෙනුවෙන් ඍජුව පෙනී සිටීමට බටහිර හා ඇමරිකාවේ ලිබරල් චින්තකයින්ට නොහැකි වීම තුල ඇමරිකාවට පසුගියදා හොන්ඩියුරාස් හා පීරූ රාජ්‍යයෙන් පසුව ලංතින් ඇමරිකාවේ තවත් රාජ්‍යයක් අහිමි වී ගොස් ඇති බව දේශපාලන විචාරකයින් මේ අතර පෙන්වා දෙති.

http://lankatruth.com/



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More