දේශීය පුවත්

පසුගිය සතිය මුලදී ගුවන් යානා ඉන්ධන ටොන් 40000 ක් රැගත් නැවක් කොළඹ වරායට ළඟා වූ අතර එම ඉන්ධන තොගය ජනවාරි 20 තෙක් පමණක් ප‍්‍රමාණවත් වන බව දැනගන්නට තිබේ. මේ අතර ශ‍්‍රී ලංකාව සතුව බොරතෙල් නොමැති බැවින් ජනවාරි තුන්වෙනිදා සිට සපුගස්කන්ද තෙල් පිරිපහදුව නැවත වරක් වසා දැමීමට සිදුව ඇත.

බොරතෙල් හිඟය නිසා මෙම පිරිපහදුව නොවැම්බර් 15 සිට දෙසැම්බර් 7 දක්වා දින 21 ක් වසා තබන ලදී. සපුගස්කන්දේ තෙල් පිරිපහදු ඉතිහාසයේ මෙතරම් දිගු කලක් එය වසා දමන ලද මුල් අවස්ථාව එය වෙයි.

කෙටි දැනුම් දීමකින් පෙට‍්‍රල් සහ ඞීසල් පිටරටින් ගෙන්වා ගත හැකි නමුදු බොරතෙල් ගෙන්වා ගැනීමේදී දින 90 ක කාලයක් ගතවේ. එසේම බොරතෙල් ගෙන්වීමේදී සැපයුම්කරුට මුළු මුදලම ගෙවිය යුතුය.

ඇමරිකන් ඩොලර්වලින් ගෙවන්නේ නම් පමණක් ගුවන් යානා සඳහා ඉන්ධන සපයන බව බලශක්ති අමාත්‍යාංශය විසින් ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයට දන්වා ඇත. ඩොලර්වලින් කරන සියලූම ගෙවීම් රාජ්‍ය බැංකු හරහා කරන ලෙසද දන්වා තිබේ. මේ පිළිබඳව පසුගිය කාලය තුළදී ශ‍්‍රී ලන්කන් ගුවන් සේවය දිගින් දිගටම දැනුවත් කරන ලද අතර ඒ බව නිල වශයෙන් දැනුවත් කෙරුණු පළමුවන අවස්ථාව මෙය වෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More