දේශීය පුවත්

අද (20) උදෑසන 8 සිට පැය 24ක කාලයක් දිවයිනේ දිස්ත්‍රික්ක 05ක සියලුම රෝහල් හා සෞඛ්‍ය වෛද්‍ය ආයතනවල එක්දින වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.

පශ්චාත් සීමාවාසික පත්වීම් ලබාදීමේ දී සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයාගේ ක්‍රියාකලාපයට විරෝධය පළකරමින් මන්නාරම, ත්‍රිකුණාමලය, රත්නපුර, නුවරඑළිය සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල එම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා,

“රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණයක් අරගෙන තිබෙනවා. මේ දිස්ත්‍රික්ක 5 තුළ කොහොමත් ප්‍රතිකාර පවත්වාගෙන යාමේ අසිරූතාවයක් තිබෙනවා. ඒ වාගේම කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන බිඳවැටීමකට ලක්වෙනවා. මේ පිළිබඳව දිගින් දිගටම අපි රජය දැනුවත් කළා. ඒ වගේම ඊයේ දිනයේ අතිගරු ජනාධිපතිතුමන් දැනුවත් කළා. අග්‍රාමාත්‍යතුමන් මේ පිළිබඳව දැනුවත් කරලා තියෙනවා. තවමත් වේලාව තියෙනවා මෙය නිවැරදි කිරීමට. අද උදේ 8.00 පෙර මෙය නිවැරදිකරන්න අවශ්‍යනම් අපි රජයෙන් ඉල්ලා සිටිනවා මෙයට මැදිහත්වෙන්න. මේ සෞඛ්‍ය ලේකම්වරයාගේ ක්‍රියාකලාපය නිසා රෝගීන් අපහසුතාවයට පත්වෙන්නේ මේ වෛද්‍ය වර්ජනය නිසා නෙමෙයි. සෞඛ්‍ය ලේකම්වරයාගේ අත්තනෝමතික ක්‍රියාකලාපයි. නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වන වෛද්‍ය විජේසූරිය මහතාගේ අත්තනෝමතික ක්‍රියාකලාපය නිසා රෝගීන් අපහසුතාවයට පත්වෙන්නේ.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More