ඊයේ (19) පෙරවරුවේ දියතලාව යුද හමුදා විද්‍යා පීඨයේ පැවැති 96වන විසිරයාමේ පෙළපාළිය පිළිගැනීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා සිටියේ පුද්ගලයෙකු වශයෙන් කෙතරම් දක්ෂ හෝ කුසලතා සහිත වුවද අන් අයගේ සහයෝගය නොමැතිව සාර්ථකවීමට නොහැකි බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා සිටියේ පසුබෑම් ගමන් මගෙහි කොටසක් වන අතර ඒවාට සාර්ථකව මුහුණ දී නිර්භිත තීරණ ගැනීමට නායකයා සමත් වියයුතු බවයි.
“මීට වසර පනහකට පමණ පෙර, යුද හමුදාවේ 4වන බඳවා ගැනීමේ කණ්ඩායමේ අධිකාරියට පත්කිරීමේ පෙළපාළියේ දී තරුණ කෙඩෙට් නිලධාරියෙකු ලෙස අද ඔබ සියලු දෙනා සිටගෙන සිටින ස්ථානයේ මම ද සිටගෙන සිටියෙමි.මගේ හමුදා දිවිය පුරාවට මා ලබාගත් පුහුණුව, ලැබූ අත්දැකීම් සහ මා තුළ ඇති කළ ගුණාංග මා මේ රටේ ඉහළම ධුරයට තේරී පත්වීමට අත්‍යවශ්‍ය සාධක වූ බවට කිසිදු පැකිළීමකින් තොරව පැවසීමට මම කැමැත්තෙමි.ඔබ නිලයන් හරහා ඉහළට ගමන් කරන විට, ඔබේ වගකීම් ද ක්‍රමයෙන් වැඩි වනු ඇත.කවදා හෝ ඔබ අතරින් කෙනෙකු හමුදාපති විය හැකි අතර සමස්ත සංවිධානයට හා එහි සිටින සාමාජිකයන්ට වගකිවයුතු අයකු වනු ඇත.ඔබ මෙම ගමන ආරම්භ කරන විට, ඔබේ අණ යටතේ සිටින සොල්දාදුවන් සාමාන්‍ය මිනිසුන් මිස සුපිරි මිනිසුන් නොවන බව ඔබ වටහා ගත යුතුයි.එවැනි සාමාන්‍ය මිනිසුන්ගෙන් විශිෂ්ට ප්‍රතිඵල ලැබෙන ආකාරයට ක්‍රියාකිරීම ඔබේ වගකීමකි.මෙය සිදුකිරීම සඳහා ඔබේ ඒකකය හොඳින් පුහුණු වූ සෞඛ්‍ය සම්පන්න සහ රාජකාරියට සුදුසු බව සහතික කළ යුතු බැවින්, ඔවුන්ගේ සුබසාධනය ගැන හොඳින් සැලකිලිමත් වියයුතු අතර එවිට ඔවුන්ගේ චිත්ත ධෛර්යය ඉහළ මට්ටමක පවතී.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...