දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ චීන තානාපති  සී සෙන් හොන් මහතා උතුරේ තෙදින නිල සංචාරය   17 දින සවස අවසන් කරනු ලැබුවේ  යපානය  පේදුරුතුඩුවත්  මන්නාරම ආදම්ගේ පාලම විශේෂ වූ නිරීක්ෂණයකද නිරත වෙමිනි.

යාපනයේ ධීවර ප්‍රජාව සහ රාජ්‍ය නිලධාරීන් හමුවීමෙන් අනතුරුව  යාපනය සංචාරය නිමා කරනු ලැබුවේ යාපනය පේදුරුතුඩුව ප්‍රදේශයේ පිහිටි තුඩුව ස්ථානයටද  ගොස්ය. එහි ගිය චීන තානාපති ඇතුළු දූත පිරිස ඩ්‍රෝණ කැමරා  තාක්ෂණය යොදා ගනිමින්  පේදුරුතුඩුවේ මුහුදු ප්‍රදේශයද  නිරීක්ෂණය කරන ලද අතර එහිදී චීන තානාපතිවරයා විමසා ඇත්තේ තුඩුවේ සිට ඉන්දියාවට කොපමණ දුරක් ඇත්තේද යන්න පිළිබඳවය. පසුව එහි සිටි නිලධාරීන් කිලෝමීටර් 30 කට පමණ දුරින් ඉන්දියාව පිහිටි බවට දැනුම් දෙනු ලැබ ඇතැයිද වාර්ථා වෙයි.

අනතුරුව චීන තානාපති  ඇතුළු පිරිස යාපනය සංචාරය අවසන් කරමින් මන්නාරමට  පැමිණි  චීන තානාපති වරයාගේ විශේෂ අවධානය යොමුවන්නේ මන්මනාරමත් ඉන්දියාවත් අතර පිහිටි  ආදම්ගෙ පාලම වෙතටය.  පසුව චීන තානාපති ඇතුළු දූත පිරිස නාවික හමුදාවේ තල්ලුව පාඩු කඳවුරට පැමිණ එහි සිට නාවික හමුදාවට අයත් යාත්‍රා කීපයකින් ආදම්ගේ පාලම විශේෂ නිරීක්ෂණයක නිරත වනවා.

මෙම නිරීක්ෂණය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ  නියෝජ්‍ය ආරක්ෂක ප්‍රධානී ගාවෝ බිං මහතා,  ප්‍රධාන දේශපාලන නිලධාරී ලූ ඕ චුං  යන නිලධාරීන් ද සහභාගි වනවා.  මන්නාරම් මුහුදේ නාවික සැතපුම් 17 ක් පමණ ගමන්කොට චීන තානාපති ඇතුළු පිරිස ආදම්ගේ පාලම නිරීක්ෂණය කරනු ලැබීය.

එහිදී චීන තානාපතිවරයා  ඇතුළු පිරිස විනාඩි විස්සක පමණ කාලයක් ගතකොට ආදම්ගේ පාලම නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව  නැවත නාවික හමුදා කඳවුරට පැමිණ චීන තානාපතිවරයා පිටත්ව යාමට  පෙර  මාධ්‍යයට අදහස් දක්වමින්  ඔහුගේ නිල රථයට ගොඩ වූවේ මෙය අවසානයක් වගේම ආරම්භයක්ද පවසමිණි.

තලේමන්නාරමේ සිට ඉන්දියාවේ ධනුෂ්කොඩි දක්වා කිලෝ මීටර් 30 කට ආසන්න දුරකින් යුක්ත වැලි පරය ආදම්ගේ පාලම ලෙසින් හඳුන්වන අතර ඉන්දියානුවන් එය  රාම්සේතු ලෙසද හඳුන්වයි.මෙහි කුඩා වැලි පර 16 ඇති අතර  ඉන් 8 ක් ශ්‍රීලංකාවටත් ඉතිරිය ඉන්දියාවටත් අයිති වෙනවා.

මේ අතර සුගිය මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල බග්ලි මහතා  ඇතුළු පිරිසක්ද ආදම්ගෙ පාලම නිරීක්ෂණය කොට එක් වැලි පරයක ආගමික වතාවත් ද සිදුකරනු ලැබීය.

මෙවැනි වාතාවරණයක් තුළ  චීන තානාපතිවරයා යාපනය පේදුරුතුඩුවත් මන්නාරමේ ආදම්ගෙ පාලම නිරීක්ෂණය කිරීමත් විශේෂ සිදුවීමක් වනවා.

චීන තානාපති වරයාගේ උතුරු සංචරය වෙනුවෙන් පොලීසිය, නාවික හමුදාව මෙන්ම යුද හමුදාවේද විශේෂ වූ ආරක්ෂාවක් සපයා තිබීම විශේෂ විය.

– වන්නි රොමේෂ් මධුෂංඛ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More