දේශීය පුවත්

මේ මතුව ඇති ගෑස් අර්බුදයත් පාස්කු ප‍්‍රහාරය හා සමාන යැයි පාරිභෝගික අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්‍ෂ තුෂාන් ගුණවර්ධන මහතා පවසයි.

ලිට්රෝ සහ ලාෆ් සමාගම් සිය කිලෝ 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරවලට පුරවනු ලැබූ ද්‍රවශීලී ගෑස්වල (එල්. පී.) සංයුතිය වෙනස් කිරීම නිසා පීඩනය අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇතැයිද එනිසා වහාම එම ගෑස් සිලින්ඩර වෙළෙඳපොළෙන් ඉවත් කරගන්නා ලෙසද දන්වමින් පාරිභෝගික අධිකාරිය එම සමාගම් 2කට පසුගිය අපේ‍්‍රල් 28 වැනිදා දැනුම් දුන්නද එම දැනුම්දීම් නොසලකා හැරීම නිසා මෙලෙස ගෑස් උදුන් පුපුරා ගොස් ජනතාව තුළ ගෘහස්ථ ගෑස් සම්බන්ධව අනවශ්‍ය බියක් සිදු වුණු බවත් මේ තත්ත්වය රටේ ගෑස් හිඟයක් ඇතිවීමට බලපා ඇති බවත් ඒ මහතා සඳහන් කරයි.

ගෑස් සමාගම් දෙක ගෘහස්ථ කිලෝ 12.5 ගෑස් සිලින්ඩරයක ඇති ප්‍රොපේන්, බියුටේන් සංයුතිය 50:50 ලෙස වෙනස් කිරීම නිසා එහි පීඩනය 65ක් ලෙස අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බව පරීක්‍ෂණාගාර වාර්තා අනුව ලැබුණු තොරතුරු පදනම් කරගෙන පාරිභෝගික අධිකාරිය මෙම දැනුම්දීම කළ බවද තුෂාන් ගුණවර්ධන මහතා පවසයි.

නමුත් අදාළ ගෑස් සමාගම් දෙක එම දැනුම්දීම නොසලකා හැරිය බවත් වෙළෙඳ ඇමැති බන්ධුල ගුණවර්ධන සහ පාරිභෝගික කටයුතු රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න යන මහත්වරුද ඒ සම්බන්ධව නිසි පියවර නොගත් නිසාත් රට තුළ මෙම ගෑස් අර්බුදය මතුවීමට හේතුවූ බවත් ඒ මහතා සඳහන් කරයි.

පාස්කු ප‍්‍රහාරය සිදු වූයේත් එවැනි ප‍්‍රහාරයක් ඇති විය හැකි බවට බුද්ධි අංශ ලබා දී තිබූ තොරතුරු වගකිවයුත්තන් නොසලකා හැරීම නිසා බවත් ගෑස් අර්බුදය ඇති වූයේත් ගෘහස්ථ ගෑස් සංයුතිය වෙනස් කිරීම නිසා ඇති වූ අනතුරු පිළිබඳව පාරිභෝගික අධිකාරිය ගෑස් සමාගම් දෙකට කළ දැනුම් දීම නොසලකා හැරීම නිසා බවත් තුෂාන් ගුණවර්ධන මහතා පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More