දේශීය පුවත්

සුබවාදී බව,ආත්ම විශ්වාසය සහ කණ්ඩායමේ සිටින සෙසු පිරිස කෙරෙහි තබන විශ්වාසය නායකයකුගේ සාර්ථකත්වයේ හදවත වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (19) පැවසීය.

පුද්ගලයකු වශයෙන් කෙතරම් දක්ෂ හෝ කුසලතා සහිත අයකුට වුව ද අන් අයගේ සහයෝගය නොමැතිව සාර්ථක වීමට නොහැකි බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

පසුබෑම් ගමන් මගෙහි කොටසක් වන අතර ඒවාට සාර්ථකව මුහුණ දී නිර්භිත තීරණ ගැනීමට නායකයා සමත් විය යුතු බව ද ගෝඨාභය රාජපක්‍ෂ මහතා කීවේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මේ බව පැවසුවේ දියතලාව යුද හමුදා විද්‍යා පීඨයේ අද (19) පෙරවරුවේ පැවැති එහි 96 වන විසිර යාමේ පෙළපාළිය පිළිගැනීමේ අවස්ථාවට එක්වෙමිනි.

උත්සව භූමියට පැමිණි ජනාධිපතිවරයා, රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව විසිර යාමේ පෙළපාළිය නිරීක්ෂණය කළේය.

පාඨමාලා කාණ්ඩ 05ක් යටතේ පුහුණුව නිම කළ කෙඩෙට් නිලධාරීහු 316ක් මෙහිදී විසිර ගියහ. සරල කාර්යය කෙරෙහි වුව ද දැඩි සැලකිල්ලක් දැක්වීම සහ සාමූහිකව වැඩ කිරීමේ හැකියාව පෝෂණය කිරීම හමුදාවේ ලක්ෂණයක් බව කී ගෝඨාභය රාජපක්‍ෂ මහතා නායකයකු ලෙස ගමන ආරම්භ කරන විට තමන් යටතේ සිටින සොල්දාදුවන්, සාමාන්‍ය මිනිසුන් මිස සුපිරි මිනිසුන් නොවන බව වටහා ගත යුතු බවත්, එවැනි සාමාන්‍ය මිනිසුන්ගෙන් විශිෂ්ට ප්‍රතිඵල ලැබෙන ආකාරයෙන් ක්‍රියා කිරීම නායකයෙකුගේ වගකීම බවත් පැවසීය.

මෙහිදී සිය සහභාගීත්වය සනිටුහන් කරමින් ජනාධිපතිවරයා පැළයක් ද රෝපණය කළේය. ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More