ෆිච් රේටින්ස් ශ්‍රේණිගත කිරීම් පහත හෙළීම මෙරට ආර්ථිකයට කරණ බලපෑම සම්බන්ධයෙන් මාධ්‍යය වෙත අදහස් දක්වමින් කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ කථිකාචාර්ය, ආචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පවසා සිටියේ මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාව කළයුතු වන්නේ ෆිච් රේටින්ස් ශ්‍රේණිගත කිරීම් පිළිබඳව අවධානය යොමුකරමින් ඉදිරි සැලැස්ම ක්‍රියාත්මක කිරීම බවයි.
එහිදී ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින්,
“සාමාන්‍යයෙන් ශ්‍රේණිගත කිරීම් පහත හෙළීම හෙළාදකිමින් මාධ්‍ය නිවේදන නිකුත් කිරීම මෑතකාලීනව ශ්‍රී ලංකාවේ පුරුද්දක් වෙලා තියෙනවා. මහ බැංකුව සහ අනෙකුත් ආයතන මගින්ම නිකුත් කරන දත්ත පදනම් කරගෙන මෙවැනි නිගමනවලට ඇවිත් තියෙන්නේ. මේ අවස්ථාවේ කළයුතු වන්නේ ඒ ණය ශ්‍රේණිගත කිරීම් ආයතන ලබාදෙන ශ්‍රේණිගත කිරීම් ගැන පුළුල් දැක්මකින් යුතුව අර්බුදය විසඳා ගැනීමට අවශ්‍ය වැඩසටහන ඉදිරිපත් කිරීම සහ ක්‍රියාත්මක කිරීමයි.”
මේ අතර ෆිච් රේටින්ස් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් පහත දැමීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (18) නිවේදනයක් නිකුත් කළේය.
එම නිවේදනයට අනුව , ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම පහත දැමීම සඳහා ෆිච් රේටින්ස් ආයතනය ගනු ලැබූ කඩිනම් තීරණයෙන් කොවිඩ් වසංගතය මධ්‍යයේ ශ්‍රී ලංකාවේ සිදුවෙමින් පවතින ධනාත්මක සංවර්ධනයන් හඳුනාගැනීමට ඔවුන් අසමත් වී ඇත.
ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත කිරීම් පහත හෙළීම සඳහා ෆිච් රේටින්ස් වැනි ජාත්‍යන්තර පිළිගැනීම සහිත ශ්‍රේණිගත කිරීමේ ඒජන්සියක් කටයුතු කළ කඩිනම් ආකාරය අදහාගත නොහැකි බවද මහ බැංකුව පෙන්වා දෙයි.
විශේෂයෙන්ම ශ්‍රී ලංකා ආර්ථිකයේ සියලුම අංශවලට අදාළ සංවර්ධනයන් සහ ලැබීමට නියමිතව ඇති විදේශ විනිමය ගලාඒම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ බලධාරීන් විසින් නිරන්තරයෙන්ම ෆිච් රේටින්ස් දැනුවත් කර ඇති පසුබිමක මෙලෙස ක්‍රියාකිරීම පිළිගත නොහැකි බව මහ බැංකුව අවධාරණය කරයි.
එමෙන්ම කොව්ඩ් වසංගතය හේතුවෙන් පසුගිය වසර දෙක තුළ පැවති ඉහළ පීඩනකාරී වාතාවරණය තුළ වුවද ශ්‍රී ලංකාව එකදු ණයක් නැවත ගෙවීමක් ප්‍රමාද කර නොමැති බවද මහ බැංකුව සිය නිවේදනයෙන් පෙන්වා දෙයි.
ෆිච් රේටින්ස් ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් ‘CCC’ සිට ‘CC’ දක්වා එක් ශ්‍රේණියකින් තවදුරටත් පහත දැමීමට කටයුතු කර තිබුණි.
එම ආයතනය පවසන්නේ ශ්‍රී ලංකාවට ඉදිරි මාසවලදී ණය පැහැර හැරීමට සිදුවීමේ වැඩි සම්භාවිතාවක් ඇති බවය.
දීර්ඝ නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය පවසන්නේ ඉහළ විදේශ ණය ගෙවීම් සහ සීමිත මූල්‍ය ගලාඒම් හමුවේ ශ්‍රී ලංකාවේ බාහිර ද්‍රවශීලතා තත්ත්වය අයහපත් අතට හැරෙමින් පවතින බවය.
ෆිච් රේටින්ස් පවසන්නේ සිය අවසන් සමාලෝචනයේ දී බලාපොරොත්තු වූවාටත් වඩා වැඩි වේගයකින් ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිත පහත වැටී ඇති බවය.
විදේශ විනිමය සංචිත අගෝස්තු මාසයේ සිට ඩොලර් බිලියන 2කින් පමණ අඩු වී ඇති අතර එය නොවැම්බර් අග වනවිට ඩොලර් බිලියන 1.6 ක් දක්වා පහත ගොස් තිබේ.
ෆිච් රේටින්ස් ආයතනය පෙන්වා දෙන්නේ, එම මුදල ප්‍රමාණවත් වන්නේ මාසයකටත් වඩා අඩු කාලයක බාහිර ගෙවීම්වලට පමණක් වන බවය.
2022 සහ 2023 දී නව බාහිර මූල්‍ය ප්‍රභවයන් නොමැති විට ශ්‍රී ලංකා රජයට සිය විදෙස් ණය ගෙවීම් සපුරාලීම දුෂ්කර වනු ඇති බවට විශ්වාස කරන බව ෆිච් රේටින්ස් ආයතනය පෙන්වා දෙයි.
2022 වසරේ දී ඩොලර් බිලියන 6.9 ක විදෙස් ණය ප්‍රමාණයක් පියවීමට ශ්‍රී ලංකාවට සිදුව ඇති අතර මෙම නොවැම්බර් මාසය අවසන් වන විට පැවති විදෙස් සංචිතය මෙන් 430% ක ගුණයකි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...