දේශීය පුවත්

අද මෙතනට රැස්වුණේ ගෞරවනීය මහා සංඝරත්නය මේ වෙලාවේ සිදුවෙන විශාල කුමන්ත්‍රණයක් පිළිබඳව අපගේ විරෝධය පළ කරන්න. සාපි සහබ්ඩීන් වෛද්‍යවරයාට නිදහස් කරලා ඒ මගින් අධිකරණයටත් බලපෑම් කරලා මේකට එරෙහිව ක්‍රියාමාර්ග ගන්න වෛද්‍යවරුන්ටත් දඬුවම් කරලා මේ කටයුත්ත අවසන් කරන්න තමයි මේ වෙලාවේ ක්‍රියාත්මක වෙන්නේ කියලා තමයි අපිට පේන්නේ. වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මේ බව පවසා සිටියේ කුරුනෑගල මහ රෝහල අසල පැවති උද්ඝෝසනයට සහබාගි විමේන් අනතුරැව මාධ්‍ය අමතමිනි.

සෞඛ්‍ය ලේකම්වරයා සහ සාපි සහබ්ඩීන් වෛද්‍යවරයා නැවත සේවයේ පිහිටුවන්න සහ හිඟ වැටුප් ගෙවන්න ලිපියක් ලියනවා එහි චෝදනා එල්ල කරනවා රෝහල් අධ්‍යක්ෂකවරයාට. සාපි සහබ්ඩීන් වෛද්‍යවරයාට එරෙහිව ක්‍රියාමාර්ග තුනක් මේ වෙලාවේ සිදුවෙමින් පවතිනවා. අපරාධ නීතිය යටතේ ඔහුට විරුද්ධව අධිකරණයේ නඩුවක් සිදුවෙමින් පවතිනවා. ඊළඟට ඔහු වෛද්‍යවරයෙක් ලෙස ආචාර ධර්ම උල්ලංඝණය කිරීම මත වෛද්‍ය සභාවේ පරීක්ෂණයක් සිදු වෙමින් පවතිනවා. ඊට අමතරව සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවෙන් සිදුකළ යුතු විනය පරීක්ෂණය නිසි ලෙස පවත්වන්නේ නැතුව අදිමින් සිටිනවා. ඊටත් අමතරව විද්වත් කමිටුවකට අදාළව ඒ වාර්තාවත් පස්සට අදිමින් පවතිනවා. එතකොට මෙවැනි තත්වයක් යටතේ අධිකරණ ක්‍රියාවලිය අවසන් වන තෙක් ඔහුට එරෙහිව තියන ආචාරධර්ම විරෝධී ක්‍රියාවට අදාළ පරීක්ෂණ නිමවෙන තෙක් විනය විරෝධී ක්‍රියාවට අදාළ පරීක්ෂණ නිමවෙන තෙක් කිසිසේත්ම ඔහු සේවයේ යොදවන්න බැහැ.

අපරාධ නඩුවකට අමතරව ආචාර්ය ආචාරධර්ම විරෝධීවත් ආචාරධර්ම විරෝධී කටයුත්තකට වැරදිකරුවා වෙලා තියෙද්දී නැවත රෝගීන්ට අත තියන්න දෙන්න බැහැ. එය පරිපාලන නීතීන්ට පටහැනියි. එතකොට අපිට අහන්න තියෙන්නෙ මේ සෞඛ්‍ය ලේකම්වරයා කාගේ කුමන්ත්‍රනයටද ගොදුරු වුණේ කියලා. අපි දන්නවා සාපි වෛද්‍යවරයාගේ නඩු කටයුතු ආරම්භ වෙනකොට ඔහුගේ ගිණුමට බාහිර පාර්ශව වලින් ලැබිලා තිබුණා රුපියල් මිලියන හාරසිය ගණනක්. තාමත් ඒ මුදල් කොහොමද ආවේ කියලා හෙළිදරව් වෙලා නැ. අපි අහනවා ඒ මුදල් ද මේ වැඩ කරන්නේ කියලා. මේ විදියට සෞඛ්‍ය ලේකම්ට අධිකරණ බලයක් නෑ ඔහුව නිදහස් කරන්න. ඔවුහු හරියට නම් විමසන්න ඕන වෛද්‍ය සභාවෙන් මේ විනය පරීක්ෂණ වලට මොකද උනේ කියලා.

සෞඛ්ය ලේකම්වරයා සඳහන් කරලා තිබුනා රාජ්‍ය සේවා කොමිසන් සභාවෙන් විමසලා තමයි මේක කරේ කියලා. රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් කියනවා එහෙම දෙයක් කිව්වේ නෑ කියලා. එහෙනම් මේ සෞඛ්‍ය ලේකම්වරයාට ඉහළින් ආපු ඔඩර් එකක්. නැත්තං ඔහු විසින් ගනු ලැබූ තීන්දුවක් අධිකරණයට බලපෑම් කරන්න අරමුණක් තියනවා. මීට එරෙහිව ක්‍රියාමාර්ග ගත් රෝහල් අධ්‍යක්ෂකවරුන් නිලධාරීන් බිය ගැන්වීමේ ක්‍රියාමාර්ගයක් තියෙනවා. ඊට අමතරව මහා සංඝරත්නය ප්‍රමුඛ මේ අසාධාරණයට විරුද්ධව නැගී හිටපු සියලු දෙනා හාස්‍යයට ලක් කිරීමේ සහ ඔවුන්ව බිය ගන්වන්න කුමන්ත්‍රණයකුත් තියෙනවා. ඒක නිසා මේක සරලව ගන්න බැහැ සාමාන්‍යයෙන් රස්සාවක් නැති කෙනෙකුට රැකියාවක් දෙන ප්‍රශ්නයක් නෙවෙයි මේක.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More