අන්තර්ජාල නාලිකාවක පැවති සාකච්ඡාවකට එක්වෙමින් කොළඹ දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසා සිටියේ රටේ අග්‍රාමාත්‍ය ධුරයට බැසිල් රාජපක්ෂ මහතා සුදුසු ද නැද්ද යන්න පිළිබදව තමාට කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවයි.
මීළඟ අග්‍රාමාත්‍යයවරයා සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ, අග්‍රාමාත්‍ය ධුරයට හෝ ජනාධිපති ධූරයට පත්වීමට සිය පක්ෂය තුළ සුදුසුකම් ඇති තවත් නායකයින් කිහිප පොළක් මසිටින නමුත් එම පුද්ගලයන්ගේ නම් මේ මොහොතේ හෙළි කළ නොහැකි බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ විමල් වීරවංශ, උදය ගම්මන්පිල මේ මොහොතේ ආණ්ඩුවෙන් ඉවත් වූවොත් තවත් විශාල පිරිසක් ඔවුන් සමග ආණ්ඩුවෙන් ඉවත් වනු ඇතැයි පවසන මන්ත‍්‍රීවරයා ආණ්ඩුව කළ යුත්තේ ආණ්ඩුව බලයට ගෙන ඒමට කටයුතු කළ පුද්ගලයන් ආණ්ඩුවෙන් එළවා දැමීම නොව ඔවුන් සමග ඉදිරියට යෑම බවත් රෝහන කුමාර මහතා පවසා සිටියේය.
ආණ්ඩුව ජනතා අපේක්ෂාවන් ඉටිඋ නොකිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් බිම් මට්ටමේ ජනතාවගේ අපේක්ෂාවන් ඉටු නොවීම හේතුවෙන් ඉදිරියේ දී ආණ්ඩුවේ ජනතා නියෝජිතයන්ට ජනතාව ගල් ගසනු ඇති බව ද මන්ත්‍රීවරයා අවධරාණය කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...