රසායනික පොහොර හා රසායනික කෘමිනාශක භාවිතයෙන් මනුෂ්‍ය ශරීරයට ඇති කරන අහිතකර බලපෑම් අධ්‍යයනය කර වාර්තාවක් සකස් කිරීමට කාර්යසාධන බලකායක් පිහිටුවීමට කෘෂිකර්ම අමාත්‍යාංශය හා සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. මේ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් සතියක් තුළ මෙම බලකාය පිහිටුවීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා හා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති රැස්වීමකදී තීරණය කෙරිණ.
රසායනික පොහොර හා කෘමිනාශක වර්ග භාවිත කර ගොවිතැන් කිරීමෙන් බහුතර ගොවීන් පිරිසක් වකුගඩු හා පිළිකා රෝගවලට ගොදුරු වන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු සංවිධාන ගණනාවක් සමීක්ෂණ වාර්තා මඟින් සනාථ කර ඇතත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිචාරය මේ දක්වා නිල වශයෙන් ප්‍රකාශයට පත් වී නොතිබීම පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යවරයා මෙම රැස්වීමේදී අවධානය යොමු කළේය. රසායනික පොහොර භාවිතාව ගොවීන්ගේ සෞඛ්‍යයට අහිතකර බව සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කර නොතිබීම නිසා හරිත කෘෂිකර්මාන්තය පිළිබඳ රජයේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට එය බාධාවක් බවද කෘෂිකර්ම අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. හරිත කෘෂිකර්මය පිළිබඳ රජයේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී සෞඛ්‍ය හා පරිසර අමාත්‍යාංශවලට විශාල වගකීමක් පැවැරෙන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මෙම රැස්වීමට සහභාගී වී සිටි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පාදෙනිය මහතා පෙන්වා දුන්නේ කොරෝනා නිසා වසරකට මිය යන ප්‍රමාණයට වඩා වකුගඩු රෝගය නිසා වසරක් පාසා මිනිසුන් මිය යන බවය. මෙසේ මිය යන බහුතරයක් ගොවි පවුල්වල සාමාජිකයින් බව ද පාදෙනිය මහතා පෙන්වා දුන්නේය. මෙරට වකුගඩු රෝගීන්ගේ හා පිළිකා රොගීන්ගේ බහුතරයක් ඊට ගොදුරුව ඇත්තේ රසායනික පොහොර හා කෘමිනාශක භාවිතාව නිසා බව ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි ඇති බව ද ඒ පිළිබඳව ගැටලුවක් ඇති ඕනැ අයෙකුට අදාළ විස්තර ලබා දිය හැකි බව ද වෛද්‍ය පාදෙනිය මහතා මෙහිදී අවධාරණය කළේය.
මෙහිදී අදහස් දැක්වු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වකුගඩු හා පිළිකා රොගීන් දිනෙන් දින වැඩි වීම අධ්‍යයනය නොකිරීම ගැටලුවක් බව පෙන්වා දෙමින් එසේ නොකළේ ඇයිද යන්න ප්‍රශ්න කළේය. වකුගඩු රෝගීන් බහුලව වාර්තා වී ඇත්තේ මහවැලි ජලයෙන් ගොවිතැන් කරන ප්‍රදේශවලින් බැවින් මහවැලි ජලයේ මෙම රෝගයට යම් බලපෑමක් ඇත්ද යන්න සොයා බැලීම ගැනද අවධානය යොමු කළ යුතු යැයි සෞඛ්‍ය අමාත්‍යවරයා පැවැසීය.
සබරගමුව විශ්ව විද්‍යාලයේ පාංශු විද්‍යාව පිළිබඳ මහාචාර්ය ප්‍රියන්ත යාපා මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් පිරිසක් ද මෙම සාකච්ඡාවට සම්බන්ධ වී සිටියහ.
ජයසූරිය උඩුකුඹුර
මාධ්‍ය ලේකම්
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...