ශී‍්‍ර ලංකා ප‍්‍රමිති කාර්යාංශය හා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අනුමත කරනු ලබන නිසි ප‍්‍රමිතියෙන් යුත් ගෘහස්ථ ගෑස් සිලින්ඩර් පමණක් මින් ඉදිරියට වෙළෙඳපොළට නිකුත් කරන බවට ලිට්‍රෝ ගෑස් සමාගම ඊයේ (16 දා) අභියාචනාධිකරණයට පොරොන්දුවක් ලබා දුන්නේය.
සංයුතිය දැක්වෙන ස්ටිකරයක් අලවා ගෑස් සිලින්ඩර් වෙළෙඳපොළට නිකුත් කිරීමට දිවුරුම් ප‍්‍රකාශයක් මගින් ලිට්‍රෝ ගෑස් සමාගම අධිකරණය හමුවේ ලබාදුන් එකී පොරොන්දුව මගින් එකඟ විය.
ඒ අනුව අනාරක්ෂිත ගෑස් සිලින්ඩර් වෙළෙඳපොළට නිකුත් කිරීම හා ඒවා ආනයනය කිරීමට වගකිවයුතු ගෑස් සමාගම් ඇතුළු බලධාරීන්ට එරෙහිව නිසි නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා නාගානන්ද කොඩිතුවක්කු මහතා ගොනුකර තිබූ පෙත්සම සම්බන්ධයෙන් නියෝගය අද (17 දා) නිකුත් කිරීමට අභියාචනාධිකරණය තීරණය කළේය.
එම පෙත්සම රුවන් ප‍්‍රනාන්දු සහ සම්පත් විජේරත්න යන විනිසුරු ම`ඩුල්ල හමුවේ කැඳවිණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...